saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5654 hours ago

LATEST

දක්ෂිණ අධිවේගයේ දොඩම්ගොඩදී ලොරි රථ දෙකක් ගැටී අයෙක් මරුට

calendar_today 2022 මාර් 11 - 10:11 remove_red_eye - 408  

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේදී කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වූ බිත්තර පැට වූ ලොරි රථයක් , එම දෙසටම ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැට වූ තවත් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී , එහි පිටුපස බඳෙහි වැදි, සිදු වූ මාරක රිය අනතුරින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් ක

අච්චුවේලි, පුත්තුර්හිදී විදුලිය සැර වැදී යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

Read More
අද වහින පැති
11 03 2022 08:31:00
0 322

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවර එළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 453,226,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ගෑස් නැව් වෙත ගෙවීම සඳහා අවශ්‍ය ණය වර ලිපි නිකුත් කර ගැනිමට නොහැකි වීම හෙතුවෙන් පැන නැගී තබූ ගැටලුව අවසන් කර ගැනීමට හැකිවූ බව ලට්‍රෝ සමාගම පවසයි.

Read More

ඇමෙරිකානු විද්‍යාඥයින්ගේ සම්මේලනයට (FAS) අනුව, එක්සත් ජනපදය සතුව න්‍යෂ්ටික අවි 5,428ක් ඇස්තමේන්තු කර ඇති අතර, රුසියාවට ඇමෙරිකාවට වඩා න්‍යෂ්ටික අවි 5,977ක් ඇති බව FAS මෙම වසර මුලදී තක්සේරු කළේය.

Read More

ලංකා ඉන්දය තෙල් සමාගම සිය ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. ඒ අනුව සියලුම වර්ගයේ ඩීසල් මිල රුපියල් 75කින් හා පෙට්‍රල් මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබේ.

Read More

සිරියාවට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාරයෙන් පෙර නායකයා මිය ගිය බව ත්‍රස්තවාදී කණ්ඩායම තහවුරු කරයි

Read More

වයස අවුරුදු 116 ආයූ වැළදු කනංකේ ඩිංගි හාමි මාතාව ඊයේ (09දා) මිය ගියාය.ඇය ඉපදෙන්නේ 1906.01.11වැනි දින අකුරැස්ස අතුරලිය සුන්දර ගම්මානයේ ය. ඇයගේ නම කන්කානම් ගමගේ ඩිංගිහාමි මාතාවයි.

Read More

මෙම සංචාරය තහවුරු වුවහොත්, එය රුසියානු සහ යුක්රේන විදේශ ඇමතිවරුන් අතර බ්‍රහස්පතින්දා පැවති රැස්වීමෙන් පසුව සිදුවන වැදගත් සාකච්ඡාවක් වනු ඇත.

Read More

මාතලේ මහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් අඹන් ගඟ හරහා ඉදිව ඇති ප්‍රධාන පාලම ආසන්නයෙන් දිය නෑමට ගිය තැනැත්තියන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙක් දිවි බේරාගෙන එක් තැනැත්තියක අතුරුදන් වී ඇතැයි මහවෙල පොලිසිය පවසයි.

Read More

එක්සත් ජනපදය හා ජපානය තායිවාන ප්‍රශ්නයට මැදිහත් වන බවට චෝදනා කරන චීනය, දිවයින සමග සාමකාමී යලි ඒකාබද්ධ කිරීමක් අවධාරණය කරයි.

Read More

ඖෂධ ආනයනකරුවන්ට සාධාරණ අනුපාතයකින් ඖෂධ මිල ඉහළ දැමීමට අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ.

Read More

යුද්ධය හේතුවෙන් කොවිඩ්-19 සිට සරම්ප දක්වා බෝවන රෝග පැතිරවීමට උපකාරී විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

අනුරාධපුර පොලිස් වසමේ වන්නියන්කුලම ප්‍රදේශයේ මවක් අද(10 දා) දහවල් තම එකම දරුවා සමග ළිදට පැනීම හේතුවෙන් එම දරුවා ජීවිතක්ෂයට පත්ව, මව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබෙන බැවින් ඉදිරියේදී මෙරට තුල අනිවාර්යෙන් ගෑස් මිල වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Read More

කුරියර් සේවාව මගින් කොළඹ සිට මහනුවරට හෙරොයින් මත්කුඩු රැගෙන ඒමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් හසුකරගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය සමත්ව සිටී.

Read More

බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නිසිලෙස නොලැබීම නිසා හෙට (11දා) දිනයේදීත්, විදුලි කප්පාදු කිරීම සිදුකරණ බව විදුලි බලමණ්ඩලය සදහන් කරයි.

Read More

පොල්ගහවෙල හා වලකුඹුර දුම්රිය ස්ථාන අතර මැද්දලන්ද ප්‍රදේශයේ දී මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (10දා) පීලි පැනීමට ලක්ව ඇත. එම පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ සිල්පර කොට 400කට පමණ හානි සිදුවී ඇති අතර කොළඹ කොටුව දෙසට ඇති දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදු වී ඇති බව ද වාර්තා වේ.

Read More

පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 1,000ක් එකතු කිරීමේ මූලික පියවර මෙම වසරේ ගන්නා බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

Read More

ප්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත නගර සංවර්ධන සැලසුම් අද (10දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කෙරිණි.

Read More

මෙරට විදුලි අර්බුදයත් සමග විදුලි බිල සියයට පනහකින් ඉහළ දැමීමට යෝජනා ඉදිරිපත් වී තිබෙන බවත් ඒකක 60 අඩුවෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල ඉහළ දැමීමට කටයුතු නොකරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

සමගි ජන බලවේල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිදු වුණු සිදුවීම තමා පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස තම පොලීසියට උපදෙස් ලබා දුන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය.

Read More

විදුලිබල මණ්ඩලයේ අර්බුද සඳහා ප්‍රධාන හේතුව වී තිබෙනුයේ ආණ්ඩු විසින් ගනු ලබන තීරණ විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක නොකිරීම බවත් ඒ අනුව විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට කටයුතු කළ යුතු බවත් බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More

බෙන්තොට පාරාදීස දූපතේ සංචාරක හෝටලයක නිවාඩුවක් ගත කිරීමට රුසියාවේ සිට සති දෙකකට මෙරටට පැමිණ සිටි රුසියන් ජාතිකයෙකු එම හෝටලය ඉදිරිපිට මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇති බව බෙන්තොට පොලිසිය පවසයි.

Read More

මේ අතර ඉන්ධන නොමැති වීමෙන් උතුරේ බොහෝ ඉන්ධනහල් ඉදිරිපිට ජනතාව පොලීම් ගැසී සිටින අතරම ඉන්ධන හිගයට රජය වගකිව යුතු බව පවසමින් එයට විරෝධය පා කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කරත්තවලින් ඉන්ධන හල් වෙතට සහ මාසිකසභා සභාරැස්වීම් වෙතට පැමිණියහ.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි මාතලේ - අඹන්ගගකෝළේ ප්‍රාදේශිය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට සභාපති එන්.යෝගරාජ් මහතා (ශ්‍රී ලං පො ජ පෙ) විසින් පියවර ගෙන තිබේ

Read More

මුලතිව් නට්ටාන්කණ්ඩල් පොලිස් වසමේ සිරාට්ටිකුලම් ප්‍රදේශයේ කැලෑවක ඊයේ (09දා) සිදු වූ පිපිරීමටකට හසුවු පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මල්ලාවි රෝහලට රැගෙන යාමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.

Read More

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

මෙරට තිබෙන ආර්ථක ප්‍රශ්නය විදේශ රටකින් ඩොලර් මිලියන 200 හෝ 300ක් හිඟාකමින් විසඳා ගත නොහැකි බව ආණ්ඩු තේරුම්ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ අද(10දා) පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.