ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනකට යාමට පාකිස්තානය කළ සාකච්ඡා සාර්ථක වී ඇති බවත් ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණිමට සමත්ව ඇති බවත් පාකිස්තාන රජයේ නියෝජිතයෙක් උපුටා දක්වමින් ජාත්‍යන්තර බ්ලූම්බර්ග් සඟරාව තොරතුරු වාර්තා කරයි.
මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය අවසන් අනුමැතිය ලබා දීමෙන් පසු අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 1.2 ක මුදලක් පළමුව පාකිස්තානයට ලැබීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පාකිස්තානය ඩොලර් බිලියන 7ක මූල්‍ය පහසුකමක් අපේක්ෂා කරන අතර එය ලබන වසරේ ජුනි දක්වා අදියර වශයෙන් ලබාදිමට නියමිතය.