ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ගමන් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
මාලදිවයිනේ මාධ්‍ය මීට පෙර තොරතුරු වාර්තා කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ජෙට් යානයකින් හෝ සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා ගමන් කරනු ඇති බවයි.
ඒ් අනුව සෞදි ගුවන් යානයකින් ඔහු සිංගප්ප්පූරුව බලා ගමන් ආරම්භ කර තිබේ. මේ සඳහා ඔහුගේ බිරිඳ මෙන්ම ආරක්ෂකයන් දෙදෙනෙක්ද එක්ව සිටියි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවට පැමිණීමෙන් අනතුරුව සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරිමට නියමිත බව වාර්තා වෙයි. ඔහුට සිංගප්පූරුවේ රැකවරණය ලබාදිමට ඒරට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි.