ටෙස්ලා-ස්පේස්එක්ස් ප්‍රධානියා, යුක්රේනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා සමග ගැටුමක් සඳහා චෙච්නියානු නායකයාගෙන් උපදෙස් ලබාගෙනලු.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන මහනුවර පැරණි රජ මාළිගා සංකීර්ණය ඇමරිකානු රජයේ ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබේ .
Read Moreසෞදි අරාබිය විසින් අපනයනය කරන ලද තෙල්වලින් හතරෙන් එකක් චීනය මිලදී ගනී. එයින් අදහස් වන්නේ එම ගනුදෙනු යුවාන්වලින් වෙන් කිරීම චීන මුදලේ ජාත්‍යන්තර පැතිකඩ සැලකිය යුතු ලෙස ඉහළ නංවන බවයි.
Read Moreසීගිරියේ විදේශීය සංචාරකයන් පැමිණීම යම් මට්ටමකින් ආරම්භ වීමත් සමග රජය කරත්ත වලින් හා දැන්වීම් පුවරු වලින් බද්දක් අය කිරීමට ගෙන ඇති තීරණය නිසා සීගිරියේ සංචාරක කර්මාන්තය නැවත වරක් අඩපණ වීමේ අවදානමක් පවතින බව සෆාරි සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පවසති.
Read Moreඔටාවා, වොෂිංටනය අනුගමනය කරමින්, ’’රුසෝෆෝබික්’’ (රුසියානු විරෝධයක්) ප්‍රවර්ධනය කිරීම හමුවේ, කැනඩා ජනපති ටෘඩෝ සහ කැනේඩියානු නායකයන්ට රුසියාව සම්බාධක පනවයි.
Read Moreඉන්ධන ප්‍රවාහනය කිරීම වෙනුවෙන් බවුසර් රථවලට ලබාදෙන ගාස්තුව, ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (15දා) තෙල් සංස්ථා බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත්, මේ නිසා ඉන්ධන ප්‍රවාහන කටයුතුවලින් අද (15දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඊශ‍්‍රායලය යුක්‍රේනියානුවන්ට එරටට ඇතුල්වීම සීමා කිරීමෙන් පසු ටෙල්අවිව් වෙත කියෙව් පාලනයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබේ.
Read Moreස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ඉතාමත් සාර්ථකව ශ්‍රී ලංකාව මුහුණ දුන් බවත් චෝදනා වලට තර්කානුකුලව කරුණු ඉදිරිපත් කර ඒවා පැහැදිළි කරගැනීමට හැකිවූ බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.
Read Moreජනතාව පෝලිම්වල දුක් විදින්නේ මිනිසෙක් ඇති කළ අර්බුදයක් නිසා බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreඅද (15) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreගොඩක් වෙලාවට කැබිනට් සංශෝධනයක් ආවම නාමල්ටත් රාජ්‍ය ඇමතිකමක් හරි තව මොකක් හරි දෙනවා. අධීක්ෂණ ඇමති කියලා මොකක් හරි දෙනවා. ඒ කියන්නේ මේ සෙන්සර් එක අවුල්. මම නාමල් නම් කියනවා එපා කියලා. ජනාධිපතිතුමාගේ සෙන්සර් එක අවුල්. එතුමාට ඒ වෙනකොට දැනෙන් නෑ ආන්ඩුව බාහිර පෙනුමයි මේ සවුත්තු වෙන්නේ. ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ඉන්නවා. ඔක්කොම අධීක්ෂණය කරන්න මේ තරුණ නාමල් රාජපක්ෂ ඇමතිවරයට දෙනවා. ඒක දැන හෝ නොදන නාමල් රාජපක්ෂ ඇමතිතුමා අමාරුවේ දාන වැඩක්.
Read Moreමත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
Read Moreරට හැදීමට සමගි ජන බලවේගයට භාර දෙන ලෙසත් ඒ සඳහා සමගි ජන බල වේගයට හැකියාවක් ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreසමගි ජන බලවේගය ගාලු මුවදොර පිටිය ඉදිරිපිට පවත්වන විරෝධය හේතුවෙන් ගාලු පාර ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් අද (15දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read Moreසමගි ජන බලවේගය විසින් කොළඹදී පවත්වන විරෝධතාවයේ ජන හමුව ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ. විරෝධතා රැළියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව තිබේ.
Read Moreසමගි ජන බලවේගය කොළඹ පවත්වන විරෝධතාව හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී තිබේ. එම රැළියට එක්වීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියි.
Read Moreකර්මාන්ත අමාත්‍යාංශයේ හා පරිසර අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා, අදළ ආයතනික හා නෛතික රාමුව වෙනස් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (15දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
Read Moreදෙරණ 360 වැඩසටහනට ඊයේ (14දා) එක්වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර සේන මහතාගෙන් වර්තමාන ඉන්ධන මිල සම්බන්ධයෙන් විමසා සිටි විට ඔහුට ඒ සඳහා පිළිතුරු ලබාදීමට නොහැකි විය. ගෑස් මිල, ඩීසල් මිල, පෙට්‍රල් මිල සම්බන්ධයෙන් අමාත්‍යවරයාට දැනුමක් නොතිබුණි.
Read More’’මගේ අම්මාගේ නම ලාර්බලෙස්ටියර් බව ඔබ කිසිවෙක් නොදන්නවා විය හැකියි. මම එය මගේ නමට දැමීමට සූදානම්. විවාහ වූ විට කාන්තාවට ඔවුන්ගේ නම අහිමි වෙන අදහස ගැන මට තෙරෙන්නේ නෑ.” යැයි ඔහු පවසයි.
Read Moreඩීසල් හා බොරතෙල් ආනයනය කිරිම වෙනුවෙන් දිගු කාලීන් කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
Read Moreදෛනිකව ක්‍රියාත්මක කරනු ලබන විදුලි කප්පාදව මෙරට ආර්ථිකයේ වැදගත් ස්ථානයක් උසුලන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා සඳහා මින් ඉදිරියට ක්‍රියාත්මක නොකරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
Read Moreඔබේ දරුවන්ට අඳින්න නැති මේ වෙලාවේ අපට සිවුරු මිලදී ගන්න එපා. අටපිරිකර පවා මිලදී ගෙන පූජා කරන්න වෙහෙසෙන්න එපා. සාංඝික දානයකදී වෑංජන වර්ග දෙකකට වඩා එපා. පේරු දානයට එක වෑංජනයක් ප්‍රමාණවත්. කිරිහොද්දක්,පොල් සම්බොලයක්, ලුනු මිරිසක් වුනත් ඇති.
Read Moreරුපියල පා කිරීමට ගත් තීරණයත් සමග මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 275ක් දක්වා ඉහළ දමා තිබේ.
Read Moreයුක්රේනය සමග යුද්ධ කිරීම සඳහා අවශ්‍ය සම්පත් රැසියාවට හිඟ වීම හේතුවෙන් මැයි මස මුලදී යුද්ධය අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව යුක්රේන රජයේ උපදේශකයෙක් පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.
Read Moreරට විනාශයි - බේරගමු යන තේමාව යටතේ සමගි ජන බලවේගය අද (15දා) පවත්වන විරෝධතාවය පාගමන් දෙකකින් ආරම්භ කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව එක් පා ගමනක් පස්වරු 01ට මහජන පුස්තකාලය ඉදිරිපිටින් සහ අනෙක් පා ගමන මාලිගාවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිටින් පස්වරු 01ට ආරම්භ කිරීමටත් කටයුතු යොදා ඇත.
Read Moreසූම් තාක්ෂණය ඔස්සේ සතිපතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙයි. එහිදී අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේදී මාධ්‍යවේදී අසංක අතපත්තු මහතා ගෑස් පොලිමක සිටිමින් සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රශ්න යොමුකිරීමට කටයුතු කළේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් උපදේශක කමිටුවක් පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත්කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා ඇතුළු ව්‍යාපරිකයන්, මහාචාර්යවරුන් ඇතුළු 14 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් මේ අනුව පත්කර තිබේ.
Read More