අරලියගහ මන්දිරයේ සහ ජනාධිපති මන්දිරයේ දේපළවලට සිදුව ඇති බවට පැවැසෙන විනාශකාරී ක්‍රියා පිළිබඳ වූ වාර්තා සම්බන්ධයෙන් තමන් අතිශයින් අවධානය යොමු කරන බවත්, මෙම ගොඩනැගිලිවල භාරකාරත්වය නිසි බලධාරීන්ට ලබා දෙන බවට සහතික වන ලෙස මෙම පරිශ්‍රවල සිටින පුද්ගලයන්ගෙන්ප ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
BASL සභාපති සාලිය පීරිස් සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය විරෝධතා කණ්ඩායම්වල සාමාජිකයින් විසින් අල්ලාගෙන සිටින අතර විශාල ජනකායක් එම පරිශ්‍රයට අඛණ්ඩව පැමිණෙන බවයි.
පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති බොහෝ ලිපි ලේඛන සහ අනෙකුත් පොදු දේපළවල ආරක්ෂාව සහතික කරන ලෙස එහි සිටින අයගෙන් ඉල්ලා සිටින බවත් මෙම ගොඩනැගිලිවල වටිනාකමට ගරු කරන ලෙස නීතිඥ සංගමය ඉල්ලා සිටියි.
එසේම සුමට හා සාමකාමී බල සංක්‍රමණයක් සඳහා වන සිය ඉල්ලීම නීතිඥ සංගමය නැවත අවධාරණය කරන බවත් පක්ෂ නායකයින් විසින් අනුගමනය කළ යුතු කෙටි කාල රාමුව සාදරයෙන් පිළිගන්නා බවත් එම සංගමය පවසයි.