ලබන සතියේදී පාර්ලිමේන්තුව රැස්වී නව ජනපතිවරයෙක් පත්වන තමන් කෙටි කලකට වැඩබලන ජනපතිවරයා ලෙස පත්වූ බවත් එම කෙටිකාලය තුළ හදිසි පියවර කිහිපයක් ගන්නා බවත් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙනඒ්මට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එය ලබන සතියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවැසීය.
තමන් සාමකාමී අරගල පිළිගන්නා බවත් මන්ත්‍රිවරුන්ට ස්වාධීනව තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පසුබිම සකසන බවත් මන්ත්‍රීවරුන්ට පූර්ණ ආරක්ෂාව දෙන බවත් ඔහු පැවැසීය.
පැසිස්ට්වාදී ක්‍රම වේද ඔස්සේ රට ගිනි තැබීමට උත්සාහ කරන පිරිසක් ඇති බවත් මේ වන විට හමුදාවේ සාමාජිකයන් 24ක් තුවාල ලබා ඇති බවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් ඔහු පැවැසීය.
කැරළිකරුවන් හා අරගලකරුවන් අතර වෙනසක් ඇති බවත් අරගලකරුවන් සමග නීතිය හා සාමය ආරක්ෂා කිරිමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
තමන් ව්‍යවස්ථාවට පිටින් කටයුතු නොකරන බවත් නීතිය හා සාමය බිඳ වැටීමට අවස්ථාව නොදෙන බවත් ඒ් සඳහා විශේෂ කමිටුවක් ස්ථාපිත කර ඇති බවත් වැඩබලන ජනපතිවරයා පැවැසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට වහාම ඒකග වන ලෙස පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටින බවත් පුද්ගලික අභිලාෂයන් පැත්තකට දමන ලෙසත් ජිවිතවීමට හා දේශපාලනය කිරිමට රටක් අවශ්‍ය බවත් ඔහු පැවැසීය.