saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5432 hours ago

LATEST

වසර දෙකකට පසුව නවසීලන්තය අරියි

calendar_today 2022 මැයි 02 - 13:35 remove_red_eye - 957  

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ නවසීලන්ත දේශසීමා යළි විවෘත කිරීමට නවසීලන්තය කටයුතු කර තිබේ.

බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද එම දෙපාරත්මනේතුව සඳහන් කරයි. අද පස්වරු 12.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (03දා) පස්වරු 12.30 තෙක් වලංගු වෙයි.

Read More

රටේ ආර්ථික අර්බුදයට උද්ඝෝෂණවලින් විසඳුම් සෙවිය නොහැකි බවත් එමගින් සිදුවන්නේ ටේ ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර වීමක් පමණක් බවත් සංචාරක හා මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව අරගල කරන පිරිස මේ තත්ත්වය වටහා ගත යුතු බවයි.

Read More

විශේෂ අවශ්‍යතා ඇති තරුණියන් 5 දෙනෙක් හා තරුණයන් 5 දෙනෙක් එකම මොහතක පෝරුමස්ථකාරූඩවී දෑගිලි බැඳ සියළු මංගල චාරිත්‍ර සහිතව විවාහ වීමේ දුලබ මංගල උත්සවයක් බණ්ඩාරවෙල නාමල් හොටලයේදී ඉකුත් 29 දා පැවැත්විණ .

Read More

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා වූ ඡන්දය සඳහා සමගි ජන බලවේගයෙන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි .

Read More

(VIDEO)ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා වත්මන් ආණ්ඩුවට එරෙහිව ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඊයේ (01දා) සංවිධානය කළ විරෝධතාවට විශාල පිරිසක් එක්ව තිබේ. මෙම විරෝධතාව පැවැත්වූ ස්ථානය ඔවුන් ගෝඨාගෝගම ලෙසින් නම්කර තිබුණි.

Read More

මෙරටට සංචාරක පැමිණීම මාර්තු මාසයට සාපේක්ෂව 50%කින් පමණ අඩු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය මාසය තුළ මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 60,000කට ආසන්න ප්‍රමාණයකි. ඉකුත් මාර්තු මාසයේදී මෙරටට සංචාරකයන් 110,000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ තිබේ. මෙරට දෛනික සංචාරක පැමිණීමද මේ වනවිට 1000-1500ත් අතර සංඛ්‍යාවක් දක්වා අඩු වී ඇත. මාර්තු මාසය තුළ දෛනික සංචාරක පැමිණීම සැලකීමේදී එය 4000-5000ත් අතර රැඳී තිබිණි.

Read More

වර්ජනයේ නිරත නොවි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා එක්ව සිටින පුද්ගලයන් වෙත වර්ජනයේ නිරත පුද්ගලන් විසින් බාධා එල්ල කරමින් පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භයේ සිට රුසියානු ප්‍රහාරක ජෙට් යානා වෙත පහර පිට පහර දෙමින් ඒවා බිම හෙළූ ’ගෝස්ට් ඔෆ් කිව්’ නමින් කුප්‍රකට ගුවන් නියමුවා යුද මෙහෙයුම් අතරතුරදී මරණයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත අනාවරණය කරයි.

Read More

මේ අතර, විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට මුහුණදීමට සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා %අද^ පුවත්පතට සඳහන් කළේය.

Read More

ඇ.ඩො. බිලියනයක ඉන්දීය ණය පහසුකම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ප්‍රසම්පාදනය වෙනුවෙන් ලබාදී ඇති බවට මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත්, ශ්‍රී ලංකාව මෙම අරමුදල් ඉන්දියාවෙන් වානේ ආනයනය කිරීමට යොදා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Read More

ආනයනික සහල් තොග අවසන් වනතෙක් මෙතෙක් ලංකා සතොස වෙත පමණත් නිකුත් කළ සහල් තොග සියළු සුපිරි වෙළෙඳසැල් ජාලයන් වෙත එළෙඹෙන සතිය තුළ නිකුත් කිරීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

යතුරු පැදියක් හෝ ඩිෆෙන්ඩර් රථයක් ගැටි යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයෙකු මිය යෑමේ සිදුවිමට සම්බන්ධව ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ 14 හැවැරිදි පිරිමි දරුවෙක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව (මුදල් මණ්ඩලයේ 72 වැනි වාර්ෂික වාර්තාව) ඉදිරිපත් කරමින් පවසයි.

Read More

උගන්ඩාව පලායන මිනිසුන්ට ආරක්ෂිත සරණාගතභාවය ලබාදෙන අතර, එය අප්‍රිකාවේ විශාලතම සරණාගතයින් සඳහා සත්කාරක රට බවට පත්වෙනවාලු.

Read More

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රැගත් නෞකාවක් හා බොරතෙල් රැගත් නෞකාවක් නිශ්කාෂනය කර ගැනීමට ඩොලර් නොමැති වීම හේතුවෙන් එම නැව් වෙනුවෙන් විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බව ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාවේ ප්‍රකාශයෙක් සන්ඩේ ටයිම්ස් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

Read More

විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ සැලසුම් හෙළා දකිමින් පෙළපාලි ගිය අය බැනර් අල්ලාගෙන සිටියහ.

Read More

ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව 2021 වර්ෂයේ දි රුපියල් බිලියන 41.7ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති 2021 වාර්ෂික වාර්තාවේ සදහන් වේ.

Read More

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නවතම ඉබෝලා ව්‍යාප්තියත් සමග කෙන්යාවේ සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බව කියයි.

Read More

ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක පිළිරුවට අගෞරව කිරීම් හා හානි කිරීමට තැත් කිරීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

කියෙව් ප්‍රකාශ කර ඇත්තේ මරියුපෝල් නගරයේ වානේ කම්හලේ රැඳී සිටි 100ක් පමණ ඉන් ඉවත්වීම අරඹා ඇති බවයි.

Read More

ඡන්දේ දිනන්න ඕන කම තිබුණා. ඒක තමයි මේක පිටුපස තිබුණු චේතනාව. අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා කියලා කියන්න ඕන කම තිබුණා ඔවුන්ට. ඒක තමයි ඒ දේ කළේ. එහෙම නැතිනම් අපිට කියන්න තිබුණානේ දැනගෙන හිටපු අය මෙහෙම දෙයක් වෙන්න යනවා ආරක්ෂා වෙන්න කියලා. ඒත් ඒ අය අතර ලියුමක් හුවමාරු කරගෙන නිලධාරීන්, දේශපාලඥයෝ ආරක්ෂා වුණා. අහිංසක මිනිසුන්ව බිලි දුන්නා.

Read More

චීනයේ විදේශ විනිමය (ෆොරෙක්ස්) වෙළෙඳපොළ මාර්තු මාසයේදී යුවාන් ට්‍රිලියන 22.2 (ඩොලර් ට්‍රිලියන 3.5ක් පමණ) පිරිවැටුමක් පෙන්වා තිබේ.

Read More

මම විසිවැනි සංශෝධනයට විරුද්ධයි. නමුත් 21 වැනි සංශෝධනයෙන් විධායක බලතල නැති කරලා 19 වැනි සංශෝධනයට එනවනම් අපි ඒක අම්බලමක් හැටියට පිළිගමු. 21 වැනි සංශෝධනය ගෙනාවා කියලා ආර්ථික ප්‍රශ්නවලට විසදුමක් නෑ. අපේ ප්‍රමුඛත්වය දෙන්න ඕන ආර්ථික ප්‍රශ්න විසඳන්න. මේ අර්බුදයට විසඳුම් වුවමනායි. මම කියනවා ඒක විසඳන්න පුළුවන්

Read More

ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් නව මාර්ගෝපෙදේශ කිහිපයක් නිකුත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

හැබැයි මම එකක් කියනවා මේ පිළිරුව ළඟ සිටගෙන. මගේ පියාණන්ව මට ජීවමානව පේනවා. ඔය අන්තර්වාර දූෂිත ආණ්ඩුවලට අපි කිසිම දවසක සූදානම් නෑ.

Read More

ජනතාවට මෙතරම් පිඩාවක් ගෙනදුන් වත්මන් රජයේ සිටිමින් තමන්ට තනතුරු දරන්න අවශ්‍යතාවයක් නොමැති නිසා රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විමට ලංකා කම්කරු කොන්ග්‍රසය තිරණය කල බව පක්ෂ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදි සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. මෙහිදි අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයාට දැනුම් දී ඇත්ත‌ේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වත්මන් ගැටලු විසදීමට ජනපතිවරයාට බලය ඇති බවත් ඒ් සඳහා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් තම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

Read More

මෙවැනි අභාග්‍ය සම්පන්න අවස්ථාවක අපට තිබෙන්නේ ජනතාවගේ පැත්ත ගැනීමයි. ජනතාවගේ පැත්ත අරගෙන තමයි අද මමත් පාරට බැස්සේ. රටේ තිබෙන දහසකුත් ප්‍රශ්න සමග ජනතාව පීඩාවෙන් සිටින විට අපට පුළුවන්කමක් නෑ ගෙදරට වෙලා ඉන්න. ආණ්ඩු පක්ෂයේ ඉදලා ආණ්ඩු පක්ෂයෙන් අයින් වෙලා පහුගිය සතියේ අපි 51 දෙනෙක් විපක්ෂයේ වාඩි වුණේ මේ ආණ්ඩුව යන ගමන වැරදි නිසයි.

Read More

තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.