යාපනය වඩුක්කෝට්ටේ මුරුකන් කෝවිලඩි, තුණවි, ප්රදේශයේ සිදුකළ වැටලීමකදී තහනම් සංවිධාන වලට විවිධ ආයුධ සපයන පුද්ගලයෙකු තියුණු මුවහත් සහිත යකඩ කඩු 11 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
සැකකරු තුණවි, වඩුක්කෝට්ටේ, යාපනය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි.
යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත. මෙතරම් කඩු ප්රමාණයක් සතුව තිබුණේ කෙලෙස ද යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරේ.
සැකකරු හා කඩු තොගය වඩුක්කෝට්ටේ පොලිසිය වෙත භාර දී ඇත.
