දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත හැකි ආකාරයේ විශේෂ ඇවිදින මං තීරුවක් ගලහා සිට නුවරඑළිය දක්වා කිලෝමීටර් 300 කින් යුතුව ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත්මේ වන විටත් එහි සැලසුම් කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පැවසීය .
ලේකම්වරයා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (12දා) පේරාදෙණිය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන්එම උද්‍යාන ශ්‍රවණාගාරයේ දී පැවතිසමරු මුද්දර හතරක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමේඅවස්ථාවේ විශේෂ ආරාධිතයා ලෙසසහභාගි වෙමිනි . ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ පැවසීය .
ගලහා ප්‍රදේශයෙන් ආරම්භ වන මෙමඇවිදින මං තීරුව තලවාකැලේ, හපුතලේ, ලිඳුල, බණ්ඩාරවෙල, දෙමෝදර දක්වා ඉදිකිරීමට ඉදිකිරීමටබලාපොරොත්තු වෙනවා . කිලෝමීටර් 300ක් පුරා දිවෙන මෙම ආකර්ෂණීයඇවිදින මං තීරුව ලොව කිසිම රටක දැකිය නොහැකි ආකාරයේ ආකර්ෂණීය දර්ශන තල සංචාරකයන් පුදුමයට පත් පත්කර වනවා නොඅනුමානයි .
මෙම මංතීරුව ඔස්සේ දිනකට සංචාරකයකුට ගමන් කළ හැකි වන්නේ කිලෝමීටර් 13 ක් වැනි ප්‍රමාණයක් .එම ගමනාන්තයේ දී තේ වත්තක් මැද පිහිටිතේ වතු අධිකාරි වරයකු ගේ නිවසක නවාතැන් පහසුකම්සැපයීමට බලාපොරොත්තු වනවා . එහිදී එම සංචාරකයන්ට එම ප්‍රදේශයේ පවතින සංස්කෘතිය ආහාර පාන වල දැකීම ලබා දීමට බලාපොරොත්තු වනවා . මෙම නවතම අත්දැකීමලොව පුරා සිටින සංචාරකයන්ගේආකර්ශනය දිනා ගැනීම නොඅනුමාන බව දලේකම්වරයා පැවසීය .
ෂේන් සෙනෙවිරත්න