පාන් පිටි, බිත්තර, මස් හා මාළු හිඟය හේතුවෙන් හෝටල් 10,000ක් පමණ සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
තවද රජයේ ආයතන සහ පාසල්වල ආපනශාලාවලින් හරි අඩක් පමණ මෙම හිඟය හේතුවෙන් වැසී ගොස් ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම විවිධ උත්සව සඳහා ආහාර පාන සැපයීම් සේවාද ( කේටරින්) පාන් පිටි, බිත්තර, මස් හා මාළු හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇතැයි අසේල සම්පත් මහතා පැවසීය.