බණ්ඩාරගම කළුතර මාර්ගයේ යටියන ප්රදේශයේදී අද (13දා) මාර්ගයේ ගමන් ගත් වයෝවෘද්ධ කාන්තාවක් මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
අනතුරින් මිය ගියේ බණ්ඩාරගම යටියන ප්රදේශයේ පදිංචිව සිටි කිහිබියගේ ලිලි නැමැති 77 හැවිරිදි දෙදරු මවකි.
අනතුරින් මියගිය කාන්තාව රැකියාවක් වශයෙන් එම ප්රදේශයේ නිවසක රැය පහන් කර යළි නිවස කරා පාගමනින් යමින් සිටියදී මෙම අනතුර වී ඇත.
තරුණයකු පදවා ගෙන යමින් සිටි මෝටර් රථයක් බණ්ඩාරගම සිට කළුතර දෙසට ධාවනය වෙමින් තිබියදී මෝටර් රථය එකවරම මාර්ගයේ වම්පසින් ඉවතට ගොස් පා ගමනින් යටියන දෙසට යමින් වයෝවෘද්ධ කාන්තාවගේ ශරීරයේ පිටුපසින් ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලීසිය කියයි.
මෝටර් රථයේ ගැටීමත් සමගම කාන්තාව මීටර් 23 ක් ඈතට උඩින් විසි වී මාර්ගයේ පසෙක වැටී ඇති අතර අනතුරුව රියදුරුට මෝටර් රථය නවතා ගැනීමට හැකි වී ඇත්තේ අනතුර සිදු සිදුවූ ස්ථානයේ සිට මීටර් 70 වකට අධික දුරක් ගොස් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෝටර් රථයේ ගැටුණු කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.
ඇය පැළඳ සිටි උපැස් යුවළ සහ අත දරා සිටියත් බෑගය සහ කුඩය එම ස්ථානයේ වැටී තිබියදී පොලිසිය භාරයට ගැනිණි.
කාන්තාව මාර්ගයේ ගමන් කරන අයුරු අනතුරුව ඇයව මෝටර් රථයේ ගැටෙන අයුරුත් අසල වෙළඳසැලක සවිකර තිබෙන සීසීටීවී කැමරාවක පැහැදිලිව සටහන්ව ඇතැයි ද පොලිස් නිළධාරියෙකු පැවසීය.
මෝටර් රථය පැදවූ 23 හැවිරිදි තරුණයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්රශ්න කිරීමේදී තමන්ට නින්ද ගිය බව ප්රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
සැකකාර තරුණයා පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
