සතුන්ට අවශ්‍ය ආහාර සපයා ගැනිමේ ගැටඵව මත කුකුල් කර්මාන්තය හා කිරි කර්මාන්තය සම්බන්දව සතුටු විය නොහැකි තත්වයක් ඇති බවත් බිත්තර හා මස් වල මිල අඩුවිමක් ගැන ඉදිරියේදි සිතිය නොහැකි වුවත් ඒවායේ හිගය මග හරවා ගැනිමට හැක් උපරිම උත්සහාය ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුයේ ඊයේ (23) පෙරවරුවේ සත්ව හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් සමග පැවැත්වු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කුකුල් කර්මාන්තය සදහා අවශ්‍ය ආහාර සපයා ගැනිමේ ගැටලුව නිසා කුකුල් කර්මාන්තයේ බිද වැටිමක් දකින්නට ඇති බවත් වාර්ශිකව කුකුල් කර්මාන්තය සදහා අවශ්‍ය මවු සතුන් අසුදාහක් (80 000) පමන ආනයනය කලත් මේ වන විට එම මවු සතුන් ආනයනය කරනු ලබන්නේ දහදාහකටත් (10 000) වඩා අඩු ප්‍රමාණයක් බවත් එම නිසා ඉදිරියේදි කුකුල් කර්මාන්තය තුළ ඇති නිෂ්පාදන වල විශාල ගැටලුවක් ඇතිවිය හැකි බවද අමාත්‍යවරයා පැවසිය.
මේ සම්බන්දව සත්ව හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් දිවයින පුරා කල සමික්ෂනයකදි මේ බව වාර්තා වු බවත් මෙම කර්මාන්තයේ නියත වූවන් විශාල ප්‍රමාණයක් එයින් ඉවත්වෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේලෙසම කිරි කර්මාන්තයටද ආහාර ගැටලුව පැන නැගි ඇති බවත් මෙම වාර්තාවද ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර විසදුමක් ලබා ගැනිමට කටයුතු කරනු ලබන බවද අමාත්‍යවරයා පැවසිය.
මාධ්‍යෙව්දියෙකු විසින් වි මිලදි ගැනිමට මුදල් නැති ගැටලුව සම්බන්ධව විමසිමේදි මේ කිරි කර්මාන්තය පිළිබදව සාකච්ඡාවක් යැයි පවසමින් එයට පිළිතුරු නොදි ඉවත්ව ගියේය.