2022/2023 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුත වඩාත් ඵලදායි ලෙස සිදුකිරීමට හැකිවන පරිදි අවශ්‍යතාව අනුව සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ග්ලයිෆොසෙට් ප්‍රමාණය මාස 6ක් සඳහා ආනයනය කිරීමට හැකිවන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රජය විසින් ග්ලයිෆොසේට් ආනයනය කිරීම තහනම් කිරීම හෝ සීමා කිරීම හේතුවෙන් සියලුම ආකාරයෙන් කෘෂිකාර්මික කටයුතුවලට දැඩි බලපෑමක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනවල අඩුවීමක් මේන්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වෙළඳපොළ මිල ඉහළ යාමක්ද සිදුව තිබෙ.