දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි වයස්ගතම අලියා වූ බන්දුල අලියා අද අලුයම මියගොස් ඇතැයි සත්වෝද්‍යානය ප්‍රකාශකයෙකු පැවසීය. අලියා මිය යන විට 79 වැනි වියේ පසුවිය.
මෙම හස්තියා 1943 වසරේදී අනුරාධ පුරයේ වනයේ සිය මවගෙන් මගහැරී වනජීවී නිලධාරීට හමුවී ඇති අතර පසුව අලියා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දී තිබේ. එවකට බන්දුලගේ වයස අවුරුද්දක් විය.
1945 වසර එවක ජාතික සත්වෝද්‍යානයේ අධ්යක්ෂ වරයා වූ මේජර් ඕබිරි වයමන් මහතා සත්වෝද්‍යානය පැවති අලි නර්තන කණ්ඩායමට එකතූ කිරීමෙන් එහි සිටි එකම හා මුල්ම සාමාජිකයාද වන අතර මෑත කාලයක් වනතුරුම නර්තන කණ්ඩායමේ ඉතාමත් කීකරු සාමාජිකයෙක් වශයෙන් දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාමත් ආදරය දිනූ එකම සත්වයාද වේ.
සාමාන්‍යයෙන් වනගත අලි ඇතුන් වයස 60 - 80 අතර වන අතර , සත්වෝද්‍යාන තුල වෙසෙන එම සතුන්ගේ වයස වසර 80 ඉක්මවා යනු ලබන්නේ ලබන සත්කාර සෞඛ්‍ය පහසුකම් මත බවටත් සදහන්වේ.
පසුගිය දිනවල අසනීප තත්වය හා උපරීම වයස් සීමාවටද පැමිණ සිටි බැවින් සත්වයාට තම ශරීරය බර උසුලාඛත නොහැකි මට්ටමට පත්වී තිබූ අතර සත්වෝද්‍යානය පශු වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දරා කටයුතු කලත් 23 වන දින අලුයම මියගොස් ඇති බවත් එම ප්රකාශයයා වැඩිදුරටත් පෑවසීය.
දෙහිවල එච් එම් ධර්මපාල