කොළඹ අරලිය ගහ මන්දිරය අසළ පැවැති නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුුු ගෑස් ප්‍රහාර ඒල්ල කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. කඳුුුලු ගෑස් ප්‍රහාර එල්ලකිරීමේදී ඇතිවූ පිපිරීමකින් පසුව මෙම මරණය සිදුව තිබේ.
තමන් දේශපාලනයෙන් හම්බකරගත් රුපියලක්වත් නොමැති බවත් උපකාරක පංති පැවැත්වීමෙන් උපයාගත් සියලුම දේපළ ගිනි තබා විනාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසයි. එසේම තමන් දිවි ඇතිතෙක් යළි දේශපාලනයට නොඑන බවත් ඔහු වැඩිදුරටත් සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.
Read Moreතමන් දේශපාලනයෙන් හම්බකරගත් රුපියලක්වත් නොමැති බවත් උපකාරක පංති පැවැත්වීමෙන් උපයාගත් සියලුම දේපළ ගිනි තබා විනාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසයි. එසේම තමන් දිවි ඇතිතෙක් යළි දේශපාලනයට නොඑන බවත් ඔහු වැඩිදුරටත් සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.
Read Moreපැය ගණනාවක් අරලිය ගහ මන්දියර තුළ සිරව සිටි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ආරක්ෂක අංශයේ දැඩි ආරක්ෂාවක් මැද එයින් පිටතට ගෙන ඇති බව වාර්තාවෙයි.
Read Moreසාමකාමීව අරගලයක යෙදුන මයිනාගෝගම හා ගෝඨාගෝගම අරගලකරුවන් පහරදීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විවිධ බන්ධනාගාරවල සිරගතව දඩුවම් ලබන පිරිස්ද ගෙනවිත් තිබේ.
Read Moreපහර කෑමක් හේතුවෙන් සුළු තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හොරණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්ත වෙයි. ඔහුව හඳුනා ගැනීමට නොහැකිවූ පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
Read Moreකොළඹ අරලිය ගහ මන්දිරය අසළ වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණු බව ඒ අවට රැස්ව සිටින ජනතාව සඳහන් කරයි. කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරය අසළට රැස්ව සිටින ජනතාව පාලනය කිරීමේ අපේක්ෂාවෙන් පොලීසිය විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් අහසට තබා ඇති බව මේ පිළිබඳව කළ සොයා බැලීමකදී වාර්තා විය.
Read Moreමහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (09) රාත්‍රී 7.00 සිට හෙට (10) උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටමපනවා තිබූ ඇඳිරි නීතිය 2022-05-11 වන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කෙරේ.
Read Moreඅරලිය ගහ මන්දිරය අසළ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුව ආරක්ෂක අංශ විශාල පිරිසක් අරලිය ගහ මන්දිරය වෙත පමිණ තිබේ. කෙසේ වෙතත් එම ස්ථානයට ජනතාව සුළු පිරිසක් පැමිණ සිටියි.
Read Moreවීරකැටිය ප්‍රා දේශීය සභාපතිවරයාගේ නිවාස පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. මෙම සිදුවීමෙන් තවත් පස් දෙනෙක් තුවාල ලබා තිබේ.
Read Moreමහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (09) රාත්රීර 7.00 සිට හෙට (10) උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබේ. බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රවදානය කරන ලද ලිඛිත අවසර පත්රනයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්යා්නයක, පොදූ ක්රී ඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්රසදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.
Read Moreඅග්‍රාමාත්‍ය කාර්යාලය වන කොළඹ පිහිටි අරලිය ගහ මන්දිරය වටලා විශාල පිරිසක් විරෝධය දක්වමින් සිටියි. ඔවුන් පළවා හැරීම වෙනුවෙන් පොලීසිය තෙවැනි අවස්ථාවටත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Read Moreසාමකාමීව විරෝධතා දක්වන ලෙසත් පොදු හෝ පෞද්ගලික දේපළ විනාශ නොකරන ලෙසත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Read Moreතංගල්ල කාර්ල්ටන් නිවෙස ඉදිරිපිටදී මේ වන විට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් පැවැත්වේ. ආණ්ඩුවට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකෙරේ.
Read Moreඅද රාත්‍රී 7 සිට සෑම රාත්‍රියක්ම තමන් අරගල භූමියේ ගත කරන බව පාර්ලමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
Read Moreඅද පෙරවරුවේ ගෝල්ෆේස් පිටියේ පැවිත ගෝඨාගෝගමට පහරදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිටි අතර ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු නායක මහේල ජයවර්ධන මහතා සඳහන් කරන්නේ් One down and one to GO යනුවෙනි. එසේම මෙය ජනතා බලය යැයි ඔහු පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වීම ගාලුමුවදොරදී ප්‍රකාශ කිරීමේ වීඩියෝවක් සිය ට්විටර් ගිණුම හරහා හුවමාරු කරන සංගක්කා ඒ වෙනුවෙන් සටහනක් තබා තිබේ. ඒ 1 down #poeplepower ලෙස සඳහන් කරමිනි.
Read Moreකොළඹ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට සහභාගි වී ආපසු යමින් සිටි දඹුල්ල නගරාධිපති වරයාගේ නිල රිය බව කියන වෑන් රථයකට මීරිගම අධිවේගී පිවිසුම අසල දී ප්‍රහාරයක් එල්ල වී ඇත.
Read Moreරට පාලනය කරන්න හරියාකාර කණ්ඩායමකට අවස්ථාව දෙන්න. විශේෂයෙන්ම තරුණ අයට අවස්ථාව දෙන්න. රට විනාශ කරන්න දෙන්න බෑ. අපි ඔක්කොම එක රටක එක දරුවෝ. සහෝදරයන් පිරිසක් ලෙස ඉස්සරහට යන්. අපි මේ රට ගොඩනගමු
Read Moreදිවයින තුල උද්ගතව ඇති හදිසි තත්ත්වය හේතුවන් මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්තමක වන පරිදි සියළුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත.
Read Moreරටම ගිනි ගොඩක් බවට පත්ව ඇති අවස්ථාවක පොලීසියේ නිලධාරීන් මේ වන විට සිය කටයුතු නොකරන තත්ත්වයක් දක්නට තිබේ. මාර්ගවල රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගේ අඩුවක් දක්නට තිබේ.බොහෝ මාර්ගවල වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
Read Moreකොළඹ ගාලුමෝදර ගෝටා ගෝ ගම සහ මයිනා ගෝ ගම දී ඇතිවූ ගැටුමේදී තුවාල ලද පුද්ගලයන්ගේ 85 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් වී ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය කොළඹ ගාලුමෝදර ගෝටා ගෝ ගම සහ මයිනා ගෝ ගම දී ඇතිවූ ගැටුමේදී තුවාල ලද පුද්ගලයන්ගේ 85 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් වී ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක් පැවසුවාය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලයද අහෝසි වෙනු ඇත. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි ආධාරකරුවන් පිරිසක් කළ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මේ වන විට සමස්ත රටම එකම ගිනි ගොඩක් බවට පත්ව තිබේ.
Read Moreදේශපාලනිකව උසිගැන්වූ පිරිස් කළ ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවත් ප්‍රචණ්ඩත්වයෙන් වර්තමාන ගැටලු නොවිසදෙන බවත් සන්සුන්ව කටයුතු කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreඅග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වමින් ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදුන් මැරයන්ගෙන් කිහිප දෙනෙක් අරගලකරුවන් සිය ග්‍රහණයට ගෙන තිබේ. එම මැරයන් කොළඹ බේරේ වැවට දමා ඔවුන්ගේ ලොක්කට පැමිණ ඔවුන්ව බේරා ගන්නා ලෙස සඳහන් කරමින් සිටියි. බේරේ වැව යනු කොළඹ පවතින අපවිත්‍ර ජලය ඇති ස්ථානයකි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සිය ධුරයෙන් ඉවත් වන තෙක් සමස්ත රටම වැඩ වර්ජනයක් යෑමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගිලක අංශය එක්ව මේ මොහොතේ පටන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.
Read Moreරටේ මේ වන විට පවතින නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට සඳහන් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
Read Moreගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතාවට පහරදෙමින් ප්‍රචණ්ඩත්වයක් ඇති කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණි අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් යැයි කියාගන්නා මැරයන් බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා යොමුකළ ට්විටර් පණිවිඩයට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
Read Moreවහාම ක්‍රියාත්මකවන පරිදි සමස්ත දිවයිනටම ඇදිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ. නැවත දැනුම් දෙන තුරු මෙසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
Read More