saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5394 hours ago

LATEST

ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

calendar_today 2022 මැයි 12 - 14:15 remove_red_eye - 1192  

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඓරහිව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන විත් තිබේ. මෙම යෝජනාව එළැඹෙන 17 දා පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතය.

මොරගොඩ පිහිටි ගුවන් හමුදා ගුවන්හමුදා කඳවුරක සෙබලෙකු ඊයේ (11දා) ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කවරක්කුලම පොලීසිය කියයි.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තුව යළිත් මැයි 17 දා කැඳවීමට නියමිතව තිබේ. අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා මේ බව පක්ෂ නායකයන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ වූ පක්ෂ නායක රැස්විම උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකින බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙළා ප්‍රතික්ෂේප කරන බවත් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

Read More

’’මෙම බිහිසුණු කාලය තුළ මියගිය සියලු දෙනාගේ පවුල්වලට සහ ආදරණීයයන්ට මගේ බලවත් සංවේගය. විශේෂයෙන්ම ගරු. අමරකීර්ති අතුකෝරල. ඔහු සෑම අතින්ම හොඳ මිනිසෙක් විය. මේ දක්වා දේවල් උත්සන්න වීමට සිදුවීම කණගාටුවට කරුණකි! ප්‍රචණ්ඩත්වය නතර කරමු!’’

Read More

ඇඳිරි නිතිය ඉවත් කිරිමත් සමගින් කොළඹ කොටස් වෙළඳපොළ පැය දෙකක කාලයකට විවාත කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව අද (12දා) පෙරවරු 10.30 සිට මධ්‍යාහ්න 12.30 දක්වා එහි කටයුතු සිදුවෙයි.

Read More

විදුලිය නිපදවිම සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද දිනයේදී පැය පහක විදුලි කප්පාදුවක් සිදුකරන බව ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

Read More

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ ජේ.ජේ. රත්නසිරි මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කර ඇත.

Read More

ලෝක වෙළඳපොල තුළ බොරතෙල් මිල ඉහල ගොස් තිබේ. ඒ අනුව සාමාන්‍යයක් ලෙස බොරතෙල් බරලයක මිල සියයට 5.7කින් ඉහළ ගොස් ඩොලර් 105.5ක් බවට පත්ව තිබේ. බ්‍රෙන්ට් දර්ශකය සියයට 4.7කින් ඉහළ ගොස් බැරලයක මිලය 107.4ක් බවට පත්ව තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හෙට (13දා) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

යුක්රේනයේ හමුදා මෙහෙයුම සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතින අතර එවැනි පියවරක් අවශ්‍ය නොවන බව පූටින්ගේ ප්‍රකාශකයා පවසයි.

Read More

ජනාධිපති වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කෙරේ.

Read More

අල් ජසීරා මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි.

Read More

දැනට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12දා) පෙරවරු 7.00ට ඉවත් කරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි. කෙසේ වෙතත් ඉන් අනතුරුව පස්වරු 2.00 සිට පසුදා එනම් 13දා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක වෙයි. ඒ අනුව පැය 7කට ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයෙකු මෙන්ම ජනතා විශ්වාසය තහවුරු කර ගත හැකි අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් මේ සතියේදී පත්කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.

Read More

පැවැති ආර්ථික හා සාමාජිය ගැටලු විසඳිම වෙනුවෙන් තමන් දැඩි තීන්දු කිහිපයක් ගත් බවත් රාජපක්ෂවරුන් නොමැති කැබිනට් මණ්ඩලයක් පත්කිරීමටත් කටයුතු කළ බව ජනපති ගෝඨාභය රාජපක්ස මහතා ජාතිය අමතමින් පැවැසීය.

Read More

සජබ පා.ම. හරින් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් වූ බව මීට සුළු මොහොතකට පෙර ඉවත් වූ බව වාර්තාවෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 9.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ. සියලුම රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකා හරහා මෙය විකාශය කිරීමට නියමිතව තිබේ.

Read More

ප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවන ලද වට්සප් සමූහයන් 59ක ඇඩ්මින්වරුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබේ.

Read More

රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවිම පිළිබඳව ගැටලුවක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

මුලතිව් සෙම්මලෙයි මුහුදුවෙරල තීරයේදී ඊයේ (10) සවස දිය නෑමට ගොස් රලපහරට ගසාගෙන ගිය යාම හේතුවෙන් එකම පවුලේ සොහොයුරන් තිදෙනෙකු මේ වනතුරුත් අතරුදහන්ව ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

Read More

හමුදා පාලනයක් සම්බන්ධයෙන් පැතිර යන කථා අසත්‍ය බවත් ශ්‍රි ලංකාවේ හමුදා පාලනයක් ඇතිකිරීම අමාරු කටයුත්තක් බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

සති දෙකක් ඇතුලත රටේ තත්ත්වය වෙනස් නොවුනහොත් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

Read More

ආර්ථිකය ස්ථාවර කර ගැනිමට නම් දේශපාලන ස්ථාවරත්වයක් මුලින්ම ඇතිකළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධුරය භාර ගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට සහාය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Read More

ආරක්ෂාව සම්බන්ධයෙන් සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.