saravita-anim2

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 5005 hours ago

LATEST

සපුගස්කන්ද පිරිපහදුව වැඩ

calendar_today 2022 අගෝ 20 - 21:53 remove_red_eye - 856  

සපුගස්කන්ද පිරිපහදුව අද සිට මෙහෙයුම් ආරම්භ කළ බවත් පසුගියදා ශ්‍රී ලංකාවට ළඟා වූ බොර තෙල් මෙට්‍රික් ටොන් 100,000 ඒ සඳහා මුදා හරිමින් පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සෝමාලියානු හමුදා විසින් අල්කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් විසින් මොගඩිෂු අගනුවර හෝටලයක පැය 30ක පමණ කාලයක් පැවති මාරාන්තික වැටලීම අවසන් කර ඇති බව ආරක්ෂක අණදෙන තහවුරු කර තිබේ.

Read More

යල කන්නයේ වී වගා කළ ගොවීන්ට හොඳ මිලක් ලබා දීමේ අරමුණ පෙරදැරිව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වී මිල දී ගැනීමට කටයුතු කරන ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.

Read More

එක්සත් ජාතීන්ගේ ධාන්‍ය අපනයන ගනුදෙනුවක් යටතේ යුක්රේනයේ කළු මුහුදේ වරායෙන් පිටවීමට ඇති මුළු යාත්‍රා සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ යනු ඇත.

Read More

මූතූර්, පච්චනූර් ප්‍ර දේශයේදි ගොඩනැගිලි ද්‍රව්‍ය හා කාන්තාවන් පිරිසක් රැගෙන කඳු සහිත මාර්ගයක ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් රියදුරුගේ පාලනයෙන් තොරව පෙරලී ගොස් සිදුවූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නිව්යෝක් හි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 2,295කි. කැලිෆෝනියාවෙන් 1,945ක් සහ ෆ්ලොරිඩාවෙන් 1,085ක් වාර්තා වී ඇත.

Read More

තම ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර, ඉන්ධන හා වෙනත් ගැටලු තිබෙනවා ද කියා සොයා බැලීමේ වගකීම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට භාර දිය යුතුයි. එතකොට ඒ වගකීම ඒ අයටත් පැවරෙනවා. ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන අතර, ආගමික සිද්ධස්ථානවල දියුණුව කෙරෙහි ද අපේ අවධානය යොමු කර තිබෙනවා.

Read More

Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ව්‍යසනය වළක්වා ගැනීම සඳහා වැදගත් පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

Read More

රසායනික පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ 2022 සහ 2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා දැනුම් දෙයි.

Read More

වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාමට මෙම නව සංශෝධනය මගින් අවසර ලබා නොදෙන අතර, එවැනි කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ලබාගැනිමටද අවස්ථාව හිමි නොවේ.

Read More

නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙකු පත් කිරීමට නියමි අතර රාජ්‍ය අමාත්‍යවරුන් 40ක්ද පත්කිරීමට නියමිතව තිබේ.

Read More

යාපනයේ මිදී අස්වැන්න මේ වන විට දඹුල්ලට විශාල වශයෙන් ලැබෙන බවත් පසු ගිය වසරේ රුපියල් 300 ත් 350 ත් අතර මිලකට අලෙවි වූ මිදී කිලෝවක් සඳහා මෙදින රුපියල් 900 ක මුදලක් ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන් පෙන්වාදෙති. පසුගිය දින කිහිපයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයෙන් ලැබුණු මිදී කිලෝවකට රුපියල් 1300ක් 1350 ත් අතර ප්‍රමාණයක් ලැබුණු බවත් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන මිදි ප්‍රමාණය වැඩි වීමත් සමග මිදි මිල කිලෝ ක මිල රුපියල් 900 දක්වා පහත වැටි ඇත.

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රි ලංකා ක්‍රිකට් සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලබා දි තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උපනායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 20ක් ඇතුළත් වෙයි.

Read More

ලොව හයවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන හයුන්ඩායි මෝටර් රථ සමාගම ශ්‍රී ලංකාවේ එකලස් කිරීම වෙනුවෙන් අබාන්ස් ඔටෝ සමඟ ගිවිසුමකට එළඹ තිබේ.

Read More

මාසිකව රුපියල් මිලියන 300 ක ණය මුදල් අය කර ගැනීමේ ඉලක්ක ගත වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ඊයේ (19) උපදෙස් ලබා දුන්නේය. මාසිකව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අයකර ගත යුතු ණය මුදල රුපියල් මිලියන 563 කි.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතික කිරීම් අවශ්‍ය බවද මූල්‍ය අරමුදල පවසයි.

Read More

සුදු හා රතු බිත්තර අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 43ක මිලකටත්, රතු බිත්තරයක් රුපියල් 45ක මිලකටත් අලෙවි කළ යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.

Read More

අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් පැය 72ක කාලයක් කාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දී ඇත.

Read More

ශ්‍රි ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා එ ඒ දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තිරයන් තුළ මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක නොකරමින් එහි මාර්ගෝපදේශ පිළිනොගත් ඉන්ධනහල් 12ක් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (20 සහ 21) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය.

Read More

‘ද ගේම්’ චිත්‍රපටිය නැරඹීමට එහි ප්‍රධාන චරිතයට රඟපාන ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගරයේ සිට අද පැමිණියේය. ඒ අනුව සි ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී ඔහු එම චිත්‍රපටිය නැරඹිය.

Read More

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පවත්වා තිබේ. අද (19දා) පැවැති මෙම හමුවේදී වත්මන් ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බව තානාපතිවරිය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුව ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවිය

Read More

ප්‍රධාන ණයගැති රටවල් 31ක් පිළිබඳව යුරෝඩෑඩ් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ එම රටවල ස්වෛරී බැඳුම්කරවලින් 95%ක්ම බටහිර මූල්‍ය ආයතන විසින් රඳවාගෙන ඇති බවයි.

Read More

මරණ දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටි ශ්‍රමන්ත ජයමහ නම් පුද්ගලයාට ජනපති සමාව දිම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය පහක ප්‍රකාශයක් ලබා දී තිබේ.

Read More

දෙවැනි බූස්ටර එන්නත් නිර්දේශ කරනු ලබන්නේ අවදානම් සහිත පුද්ගලයින් සඳහා පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශක පවසයි.

Read More

බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම මිල අඩුකිරීම අගෝස්තු 22 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. බිත්තරයක මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට බොහෝ දෙනෙක් බිත්තර මිලදී ගැනීමෙන් ඉවත් සිටියි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) නුවරදී පැවසීය.

Read More

“එකිනෙකාට වඩා හොඳ දෙයක් කිරීමට” චීනයට සහ ඉන්දියාවට ප්‍රඥාව සහ හැකියාව ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.