saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4879 hours ago

LATEST

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දෙයි

calendar_today 2022 සැප් 06 - 10:15 remove_red_eye - 720  

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලබාදී තිබේ. ඒ අනුව එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දි තිබේ.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයරනිල් වික්‍රමසිංහ මහතා සමග තියෙන පෞද්ගලික තරහෙන් වෛරයෙන්, ක්‍රෝධයෙන් ගන්නා තීන්දුවලට අපි කැමැති නැහැ. රට කවුරු බාරගත්තත් බැරිවෙලාවේ ගන්න කෙනා එක්ක මාස 6 ක් හෝ අවුරුද්දක් ජනතාවට යමක් වෙනවාද කියා බලන්න එයාට සහයෝගය දෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි 8 දෙනෙක් පක්ෂ ව්‍යවස්ථාවට විරුද්ධ වුණා”

Read More

භූමිකම්පාවෙන් පසු 200කට අධික පිරිසක් හෙයිලුඕගොව් දර්ශනීය ප්‍රදේශයේ සිරවී සිටින බවද චීන බලධාරීන් පවසයි.

Read More

දවුලගල, යාලේගොඩ ප්‍ර දේශයේදී නිවසක් ආසන්නයේ තිබූ පැති බැම්මක් නිවසක් මතට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

Read More

බටහිර සම්බාධක ඉවත් කරන තුරු යුරෝපා සංගමයට යන නෝඩ් ස්ට්‍රීම් 1 ප්‍රධාන ගෑස් නල මාර්ගය වසා දමනු ඇති බව ක්‍රෙම්ලීනය පවසයි.

Read More

හෙට (06දා) සිට එළැඹෙන 9 දා දක්වා විදුලි කප්පාදුව පැයක් පමණක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Read More

මෙම ප්‍රහාරකයා තානාපති කාර්යාලයේ ගේට්ටුව අසලට පැමිණෙන විට සන්නද්ධ ආරක්ෂකයින් විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසා ප්‍රහාරයේ හානිය අවම වී ඇත.

Read More

අද (05) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට තම ගෙවීම් සිදු කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිත කිරීමට හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා මහත්මිය පවසයි.

Read More

එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ’’විකාර’’ තීරණ මෙහිදී චෝදනාවට ලක්විය යුතු බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක පවසයි.

Read More

බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස බ්‍රිතාන්‍ය විදෙස් ලේකම් කටයුතු කරන ලිස් ට්‍රස් තේරි පත්විය. ඒ බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ පැවැති ඡන්දයකිනි. ඇය එම පක්ෂයේම රිෂී සුනාක් පරාජයට පත්කරමින් මෙලෙස අගමැති ලෙස පත්වූවාය.මේ අනුව ඇය කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙසද නම් කර ඇත.

Read More

කුරුණෑගල ප්‍රදේශයට අද (05) දිනය පුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලයෙන් පිරී ගිය බෝක්කුවකට ඇද වැටීමෙන් එහි සිරවීමෙන් 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.

Read More

වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පසුගියදා සලකා බැලුණු අතර දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කාරක සභාවේ අනුමතිය ලබාදෙන ලදී.

Read More

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඩොලර් මගින් මිල දි ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට තීරණය කෙරේ. විදෙස්ගත ලාංකිකයන් සහ ශ්‍රමිකයන් සදහා මෙම නිවාස ඩොලර් මගින් මිල දි ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස මෙම නව ක්‍රම වේදය හදුන්වා දුන් බව ද ඔහු සදහන් කරයි.

Read More

යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පහසු සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

සැප්තැම්බර් මස 15 වන විට තිරිගු පිටි ප්‍රශ්නයට විසදුම් ලැබී පාන් මිල ඉහළ යමින් තිබෙන තත්වය පහව යනු ඇතැයි වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

Read More

සැප්තැම්බර් මස 15දා වන විට අප මුහුණ දී තිබෙන තිරිගු පිටි ප්‍රශ්නයට විසදුම් ලැබී පාන් මිල ඉහළ යමින් තිබෙන තත්වය පහව යනු ඇතැයි වෙළඳ හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ජා-ඇල දී මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

මෙරට දරුවන්ගේ සහ මවුවරුන්ගේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (6දා) සහ අනිද්දා (7දා) පැවැත්වීමට නියමිතය.

Read More

උඩරට මාර්ගයේ සති අන්තයේ ධාවනයවන “ELLA ODYSSEY” දුම්රිය 2022.09.08 දින සිට දැනට ධාවනය වන දුම්රියට අමතර තව ගමන් වාර දෙකක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එස්. පොල්වත්තගේ මහතා නිවේදනය කරයි.

Read More

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මලික් රණසිංහ මහතා පසුගියදා එම ධූරයේ රාජකාරි ඇරඹීය.

Read More

යාපනය අච්චුවේලි පොලිස් වසමේ සිරුප්පිඩ්ඩි ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීම හේතුවෙන් යතුරුපැදියේ ගමන්ගත් කුඩා දරුවෙකු ඇතුලු එකම පවුලේ තිදෙනෙකු ඊයේ (04දා) සවස බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

Read More

යාපනය අනලතිව් දූපතේ ජනතාවට මෙතෙක් කල් ගැටලුවක්ව පැවති බස් ප්‍රවාහනයට විසඳුමක් ලෙස නව බස් රථයක් ලබාදීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුලු ගමනාගමන මණඩල නිලධාරීණ් හා නාවික හමුදාව පියවර ගනු ලැබීය.

Read More

අනුරාධපුර පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් මත්කුඩු තොගය වන රුපියල් කෝටි පහකට වැඩි හෙරොයින් මත්කුඩු කිලෝ 2 කට වැඩි ප්‍රමාණයක් සමග කාන්තාවක් අද ( 5දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

ගෝල්ෆේස් අරගල භූමියේ තිබී හමුවූ බවට සැකකරන ටී 56 ජීව උණ්ඩ 30 ක් සහිත මැගසීනයක් සමග පුද්ගලයෙකු අද (05දා) පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

Read More

බිබිල පදියතලාව මාර්ගයේ පුවක්පැලේ පුදේශයේ දී ඊයේ සවස 6.45 ට පමණ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් එහි ගමන් ගත් දහ නව හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඔහුගේ පියාට බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි බිබිල පොලිසිය පවසයි.

Read More

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා නැවතත් පත් කෙරිණි.

Read More

ඒ් අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 4551කි. මීට අමතරව කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් හා කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින් පහළ දමා තිබේ.

Read More

නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ලේදී අද (05දා) පෙරවරුවේ විවෘත කෙරිණි. එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතායි.

Read More

වැල්ලවත්ත මායා මාවතේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

Read More

2022 වර්ෂයට පවත්වන්නට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04 වැනි දින සහහ් උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනි දින ආරම්භ වීමට නියමිතයි.

Read More

වී අලෙවි මණ්ඩලයට අයත් පොලොන්නරුව අරලගංවිල වී ගබඩාවක 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් විශාල වී තොගයක් දිරාපත්වෙමින් විනාශ වන බව ප්‍රදේශයේ ගොවින් හා ගොවි සංවිධාන නියෝජිතයන් පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.