පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිධුරය සඳහා හිටපු සභාපති හර්ෂද සිල්වා මහතාගේ නම යෝජනා වී ඇතිද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් විවාදයක් ඇතිවිය.
මෙහිදී සඳහන් වූයේ ඊයේ දිනයේදී පැවැති රැස්වීමේදී හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා එකඟතාව හිමිවූ බවත් එය තවමත් ප්රකාශයට පත්කිරිමට කටයුතු නොකිරිම ගැටලුවක් බවයි.
එහිදී ආණ්ඩුව සඳහන් කළේ මුදල් කාරක සභාවේ සභාපතිධුරය විපක්ෂයට ලබාදෙන බවත් නමුත් නමක් පිළිබඳව අවසන් එකඟතාවක් ඇති නොවූ බවයි.