ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය හඳුන්වාදීම වරාය නගරය හරහා සිදුකරන බවත් එම නගරය රටට වැදගත් නගරයක් බවත් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවැසීය.
"වරාය නගරය ඉතාම වැදගත් නගරයක්. මේක අනිත් නගරවලටත් ආදර්ශයක්. මේ වරාය නගරය සුහුරු නගරයක් ලෙස පත්කිරීමට අපි කටයතු කරනවා. ලෝකයේ හැම තැන කථා කරන 5G තාක්ෂණය අපිට වරාය නගරයට හඳුන්වා දෙන්න පුළුවන්.
පොදු ස්ථානවලට මුලිම එම තාක්ෂණය ලබාදෙන්න කටයුතු කරනවා. අපි 5G තාක්ෂණයට යන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. ඇතැම් ආයතන ඒ් සඳහා තවමත් සූදානම් නෑ. නමුත් වරාය නගරයේ අපි මේක ක්‍රියාත්මක කරනවා"