පාර්ලිමේන්තුවේ වායු සමීකරණ යන්ත්‍ර සඳහා යන විදුලි බිල අඩු කර ගැනීම සඳහා වායු සමීකරණ යන්ත්‍ර භාවිත කිරීම වැළැක්විය යුතු බවට යෝජනා කරන බවත්, ඒ ආකාරයෙන් කෝවිඩ් සමයේ සභාව තුළ වැඩකටයුතු සිදුකළ බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ සිටින 80%ක් මන්ත්‍රීවරුන් සාමාන්‍ය පවුල්වල වායු සමීකරණ යන්ත්‍ර නොමැතිව හැදී වැඩී ඇති බැවින් වායු සමීකරණ යන්ත්‍ර නොමැතිව කටයුතු කළ හැකි බව අද (22දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"මම ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ වායු සමීකරණ බිල අඩු කර ගන්න වායු සමීකරණයක් අපට අවශ්‍ය නෑ කියලා. කෝවිඩ් සමයේදී අපි වායු සමීකරණ නැතිවයි මේ සභාව ගෙන ගියේ. අවශ්‍ය නම් මධ්‍යහන වෙලාවේ පමණක් කෙටි කාලයක් තුළ වායු සමීකරණ පාවිච්චි කරන්න. මෙතන ඉන්නේ 80%ක් සාමාන්‍ය පවුල්වලින් ආපු අය. ඒ අනුව අපි හැදුනේ වැඩුනේ එයාර් කන්ඩිෂන්වල නෙවෙයි. ඒ නිසා අපට පුළුවන් එයාර් කන්ඩිෂන් නැතිව මේ සභාව ගෙනියන්න."