බස්වල නැගී දේශපාලන රැස්වීමට යාමෙන් රට සංවර්ධනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි උද්ධික ප්‍රේමරත්න මහතා අද පාර්ලිමෙන්තුවේදී පැවැසීය.
"යල් පැන ගිය දේශපාලන සංස්කෘතියෙන් දැන් මිදෙන්න කාලය හරි. මේ දේශපාලන සංස්කෘතිය මිනිස්සුන්ගේ මනසින් මැරිලා ඉවරයි. මේ පැරණි දේශපාල සංස්කෘතියට රට ඉදිරියට අරන් යන්න බැරි බව ඔප්පුවෙලා ඉවරයි.
රැස්වීමට එක්කරගෙන යන්න බස් එනවා ගමට. රැස්වීම පුරවන්න අවශ්‍ය කරන් සෙනග ගොඩට එකතු වෙන්න එපා. බස් එකේ නැග්ගොත් අපිට මේ දේ කරන්න බෑ. හරි දේශපාල සංස්කෘතියක් රටට හඳුන්වා දෙන්න බෑ. බස්එකේ නැගලා ගිහිල්ලා ජයවේවා කියලා කෑ ගහලා නැවතත් ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ලයිට් බිල වැඩි වෙලා ආයෙත් අපේ ප්‍රශ්න ටිකට අපි කොටුවෙලා.
අපි ජයවේවා කියලා කෑ ගහන කොට වේදිකාවේ උඩ ඉන්න අයගේ ප්‍රශ්න තමයි විසඳුනේ. ඒ අය තමයි හැමදාමත් සතුටින් හිටියේ. ඒ අය විතරක් සතුටින් හිටියාව ඇති. රටේ මිනිස්සු ඉදලා හිටලා සතුටු වුණාම ඇති.
ඒ නිසා බස්වල ගිහින් තමන්ගේ කාලය, ධනය, මන්සිය වැය කරන එක කරුණාකරලා නතර කරන්න. නතර කරලා මේක අලුත් තැනකින් පටන් ගන්න විවේකයක් දෙන්න මේ රටට. රැස්වීම්වලට ගියා කියලා මේ රට හදන්න බෑ."