saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4796 hours ago

LATEST

ජනපති පිලිපීන ජනපති සමග සාකච්ඡා

calendar_today 2022 සැප් 29 - 08:46 remove_red_eye - 249  

ජපාන සංචාරය නිම කරමින් පිලිපීනයේ සංචාරයක් ආරම්භ කර තිබෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පිලිපීන ජනප ජනපති ආර්. මාකොස් මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය. පිලිපිනයේ මැනිලා නුවරදී මෙම සාකච්ඡා පැවැත්වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

දකුණු කොරියා හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ට අනුව, දේශීය වේලාවෙන් එදිනම 6.20 නැගෙනහිර මුහුදට දෙවැනි මිසයිලය එල්ල වී තිබේ.

Read More

දුස් තොරතුරු නිර්මාණය වීම අවම කිරීම තුළින් ජන ජිවිතය වඩා යහපත් කිරීම අරමුණ කරගත් නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ අද (28 වැනිදා) ස්ථාපිත කෙරිණි.

Read More

පසුගිය වසරවලදී, පර්යේෂකයන් විසින් දත් කිහිපයක් සහ අර්ධ වශයෙන් වූ මුහුණේ පහළ කොටසක් සොයා ගන්නා ලද අතර, පසුව එම නිදර්ශක ගිබන් විශේෂයකට අයත් විය හැකි බව හඳුනා ගත්හ.

Read More

ලිට්‍රෝ සමාගම පවත්වාගෙන යාම වෙනුවෙන් මහ භාණ්ඩාගාරය ලබාදුන්, ලෝක බැංකුවෙන් ආධාර ලෙස ලද ඩොලර් මිලියන 70ක මුදල නැවත මහ භාණ්ඩාගාරයට ගෙවීම ආරම්භ කළ බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

Read More

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) නැගෙනහිර කොටසේදී උගන්ඩා හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්ව තිබේ.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපාති චී ෂෙන්හොං මහතා අතර හමුවක් කොළඹ චීන තානාපති කාර්යාලයේදී පවත්වා තිබේ.

Read More

ඉරාක කුර්දි කලාපයෙන් තම මව් රටවලට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින් ඉරාන සහ තුර්කි හමුදා උතුරු සහ ඊසානදිග ඉරාකයේ කුර්දිස්තානයේ පිහිටි කුර්දි විරුද්ධ පක්ෂවල හමුදා කඳවුරුවලට නිතර ප්‍රහාර එල්ල කරති.

Read More

දෛනිකව වාර්තා වන කෝවිඩ් රෝගීන්ගේ හා මරණ ප්‍රමාණය පහළ යමින් තිබෙන අතර, මේ අනුව කෝවිඩ් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 80වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහත වැටී තිබේ.

Read More

කෙසේ වෙතත්, මෙසේ කොවිඩ්-19 මාර්ගෝපදේශ ලිහිල් කිරීම සිදුකළත්, එරට පුරවැසියන්ට අවවාද කළේ තවදුරටත් පරිස්සම් වන ලෙසය.

Read More

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් ඇ. ඩොලර් 2,740,498.32 (රුපියල් 1,017,958,100.964) ක් වටිනා හදිසි ඖෂධ ද්‍රව්‍ය, ශ්‍රී ලංකාවේ ජනතාවට වෙත පරිත්‍යාග කිරීමට පහසුකම් සලසා ඇත.

Read More

ඉකුත් කොවිඩ් සමයේ දී මධ්‍යම පලාතේ පාසල් පාදක ඉගෙනුම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යය පැවරුම් මුද්‍රණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය මගින් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අත්තිකාරමක් ලෙස ලබාදුන් රුපියල් රුපියල් හැට හතර ලක්ෂ අසූ අට දහස් පන්සිය අනු අටක මුදලක් (6488598) කිසිදු ප්‍රයෝජනයක් නොගෙන රඳවා ගෙන ඇති බව විගණන වාර්තාවකින් හෙළිව තිබේ.

Read More

ජනාධිපති මන්දිරය ඇතුළුව කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම්කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත්කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා අද (28දා) සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

Read More

නාත්තන්ඩිය මැද තබ්බෝව ප්‍රදේශයෙ සුවිසල් දෙමහල් නිවසකට ඊයේ (27 දා) සවස කඩා වැදි ඇති සොර කණ්ඩායමක් නිවසෙ තිබු රුපියල් කෝටියකට ආසන්න රත්‍රන් පවුම් හා ඩෝලර් තොගයක් සොරා ගෙන ගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ ‘සුචරිතෝදය’ දහම් පාසලේ ඉගෙනුම ලැබූ රැඳවියන් සිවුදෙනකු ධර්මාචාර්ය විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

Read More

තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතීීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද සිදුකළ බවට චෝදනා ලැබූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ රාජ්‍ය මුද්‍රණ නීතීීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට අධිචෝදනා පත‍්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන් ඇප මත මුදාහැරීමට අද (28) නියම කළේය.

Read More

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28දා) වරෙන්තුවක් නිකුත් කළේය.

Read More

ලෝක වෙළද පොළ තුළ රන් මිල ක්‍රමයෙන් පහළ යන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. ඉහළ යන උද්ධමනය මැඩපැවැත්වීම සඳහා ආක්‍රමණශීලී ප්‍රතිපත්ති ආස්ථානයක් පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද මහ බැංකුවේ යෝජනාව ෆෙඩරල් සංචිත නිලධාරීන් නැවත අවධාරණය කිරීමෙන් පසු ඩොලරය නැවත ඉහළ යාමත් සමඟ මෙසේ රන් මිල පහළ ගොස් තිබේ.මේ අනුව ලෝක වෙළද පොළ තුළ රන් අවුන්සයක මිල අද දිනයේදී ඩොලර් 1624ක් ලෙස සටහන් විය.

Read More

පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ ’’සුරංගි’’ ඇතින්නට උපන් නිවුන් පැටවුන් දෙදෙනා බැලීමට වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගොස් තිබේ.

Read More

ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

අපි ඇමතිගේ මිනිස්සු යැයි මරණීය තර්ජනය කරමින් මහරගම ඉන්ධන හලකට කඩා වැදුණු මැර පිරිසක් එහි සේවකයන්ට සහ කළමනාකරුට පහර දී පළා ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.

Read More

එප්පාවල පත්කොලවැටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ දෙකකට ආසන්න හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයන් දෙදෙනකු ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය පවසයි.‍

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය සැමරුමට සමගාමීවයුද හමුදාවේ සියලු රෙජිමේන්තු ධජවලට ආශිර්වාද ලබාගැනීමේවැඩ සටහනක් යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (28දා) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විණි

Read More

මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි නිවාස පෙළ හදිසියේම ගිණි ගැනීමට ලක්වීම සම්බන්ධයෙන් කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (28) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය.

Read More

පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වයන් ආරක්ෂා කරගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ලෝක සංචාරක දිනයට සමගාමීව මහනුවර ඓතිහාසික ස්ථාන දැකබලා ගැනීමේ සංචාරයක නිරත විය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරිමේදී චීනය එහි සාමාජිකයකු වන බැවින් ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදෙන බවද ප්‍රකාශ කළේය. ශීු ලංකික ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදිමට චිනය නිරන්තරව කටයුතු කරන බවද වැඩි දුරටත් චීන තානාපති කියා සිටියේය.

Read More

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක්වීම සඳහා ජපානයට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන අග්‍රාමාතය ෆුමියෝ කිෂිඩා මහතා අතර හමුවක් පැවැත්වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඊයේ (27දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

Read More

හිටපු පාතාල නායකයින් වන දෙමටගොඩ සංජීව සහ සමයන්ගේ ගෝලයකු වන දැනට විදේශගතව සිට මෙරට මත්කුඩු ජාලය මෙහෙයවන දෙමටගොඩ ප්‍රියන්ත නමින් හඳුන්වන පුද්ගලයා ගේ අනියම් බිරිඳ වන යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝපල් වරියක් සහ තරුණයකු ලක්ෂ 40 කට වැඩි හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.