ගම්පහ නගරයේ ප්රධාන වෙලඳසැලක අයකැමිවරිය ලෙස සේවය කල කාන්තාවක් විසින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා සහගතව ලබා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
ගම්පහ තම්මිට ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල කාන්තාව විසින් මෙම වෙලඳ සැලෙහි වසර 11ක කාලයක් සේවය කර ඇතැයිද සඳහන්.
එකී කාලය තුල විටින් විට මෙම සොරකම සිදුකර ඇති අතර එමගින් දිනකට රුපියල් 60,000ක මුදලක් අදාල කාන්තාව විසින් සොරකම් කර ඇතැයි එහි හිමිකරු පොලීසියට කරන ලද පැමිණිල්ලෙහි සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ගම්පහ තිලකරත්න දිසානායක