saravita-anim2

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

Latest News - timelapse 4170 hours ago

LATEST

නොවැම්බර් මස උද්ධමනය සියයට 65 දක්වා පහළ යයි

calendar_today 2022 දෙසැ 21 - 20:30 remove_red_eye - 237  

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති 70.6% සිට නොවැම්බර් මාසයේදී 65.0%ක් දක්වා පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ වායු දූෂණය සම්බන්ධයෙන් දිනපතා ලබා ගැන්නා සංසරණ වායු තත්ත්වය පිළිබඳ 2023 ජනවාරි සිට මාධ්‍ය මගින් දැනුවත් කිරීමෙ වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කරයි.

Read More

ගල් අඟුරු සමාගම නිසා ජනවාරි මාසෙදි පැය 10 ක විදුලි කප්පාදුවක් ඇතිවන බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ගල් අගුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසයි.

Read More

කැන්ඩි ෆැල්කන්ස් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුණු 24 කින් පරාජයට පත් කරමින් අඛණ්ඩව තෙවැනි වරටත් එල්.පී.එල්. තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලැබීමට ජැෆ්නා කිංග්ස් සමත්විය.

Read More

ඒ වගේම බිඳ වැටුණු ආර්ථිකය දෙස බලමින් පසු තැවෙනවාද, සමෘද්ධිමත් අනාගතයක් උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කටයුතු කරනවාද යන්න අප සිතිය යුතුයි. දෙවන ලෝක යුද්ධය නිසා බිඳ වැටුණු ජපානය සහ ජර්මනිය ආර්ථික වශයෙන් නැවත ශක්තිමත් වෙලා ජාත්‍යන්තරය ජය ගත් හැටි ඔබ සිතා බලන්න. එසේ නම් අපටත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩනැඟිය හැකියි. ඒ සඳහා අප ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි.

Read More

උත්සව සමය තුළ මංතීරු නීතිය ක්‍රියාත්මක කරවිම පිළිබඳව අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (21දා) පවත්වා තිබේ.

Read More

නොමිලේ සහල් දීම වෙනුවට ඉදිරි මහ කන්නයේ සහ පහුගිය කන්නයේ දැනට ගොවීන් ලග පවතින වී අස්වනු වී අළෙවි මණ්ඩලය හරහා මිළදි ගැනීමට අවශ්‍ය මූල්‍ය සහය ලබා දෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගියදා චින රජයෙන් ඉල්ලා සිටියාය.

Read More

උත්සවය සමය හේතුවෙන් දින පක කාලයක් විදුලි කප්පාදුව සිදු නොවන බවත් ජනවාරි මාසය තළදීද ක්‍රියාත්මක වන්නේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

Read More

දිවයින පුරා ඇති සියලුම සුරා සැල් නත්තල් දින (25දා) වසා තබන බව සුරා බදු කොමසාරිස් ජනරාල් පවසයි. කෙසේ වෙතත් හෝටල් හා නවාතැන්පෙළවල්වලට පැමිණෙන පුද්ගලයන් වෙත මත්පැන් අලෙවි කිිිිරීමට අවස්ථාව ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.

Read More

වාද්දුව නගරයේ නවතා තිබු සුඛෝපභෝගී වෑන් රථයක් ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

Read More

පුස්සැල්ලාව සරස්වතී දෙමළ මහ විදුහලේ විද්‍යාගාරයේ රාසායනික ද්‍රව්‍යයයක් අඩංගු බෝතලයක් කැඩී එහි දුමාරය ආග්‍රහණයවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට ලක් වු පාසල් සිසුන් පස් දෙනෙකු හා ගුරුවරුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා පුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහලට අද (21දා) ඇතුලත් කොට ඇතැයි පුස්සැල්ලාව පොලීසිය පවසයි.

Read More

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව මේ වන විට ප්‍රකාශ 50කට අධික සංඛ්‍යාවක් ලබාගෙන ඇති බවත් මාධ්‍ය වල විවධ තොරතුර පළවුවත් සෘජු සැකකරුවෙක් හඳුනාගෙන නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‌ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි සිට මේ වන විට අතුරුදන්ව ඇති 09 හැවිරිදි පිරිමි දරුවා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු කිහිපයක් අණාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

නොමිලේ සහල් දීම වෙනුවට ඉදිරි මහ කන්නයේ සහ පසුගිය කන්නයේ දැනට ගොවීන් ලග පවතින වී අස්වනු වී අළෙවි මණ්ඩලය හරහා මිළදි ගැනීමට අවශ්‍ය මූල්‍ය සහය ලබා දෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගියදා චින රජයෙන් ඉල්ලා සිටියාය.

Read More

වසරක් තුලදී නිවාස 11ක් බිඳ රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා දේපල සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

2023 වසරේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවට පළවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ලබන ජනවාරියේ සිට විදුලි ගාස්තු සංශෝධනය අනිවාර්යයෙන්ම සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

රහල අරණායක මාර්ගයේ රහල මධ්‍යම බෙහෙත් ශාලාව ආසන්නයේ අද (21දා) උදෑසන ලංගම බස් රථයක වේගය පාලනය කිරීමට නොහැකිව අඹගසක ගැටි පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් අරණායක පොලීසිය පවසයි.

Read More

ඌරගස්මංහන්දිය හල්ගහවෙිල්ල , ගල් ලිද අසල කුඹුරු වෙල්යායේ නියරක් මත අභිරහස් අයුරින් මියගිය පිරිමි අයෙකුගේ මළ සිරුරක් අද (21දා)සොයාගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.

Read More

ඥාති සහෝදරයෙකු බස් රථයකට ඇරලවා යතුරුපැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටිය පාසල් සිසුවෙකු අද (21දා) අනුරාධපුර පූජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

නාරම්මල - බැඳිගමුව මංසන්ධියේ සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. නාරම්මල සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වී අසල තිබූ බෝක්කුවක ගැටී පසු ව බස් නැවතුම්පලක සිටි කාන්තාවන් තුන්දෙනෙකු යටකරගෙන ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි.

Read More

රාත්‍රී කාලයේ දී ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක උපාංග අලෙවි මධ්‍යස්ථාන වලට ඇතුළු වී රුපියල් කෝටියකට ආසන්න වටිනා දේපල සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙක් පාමංකඩ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය යටතේ හෝ පවතින ක්‍රමය යටතේ හෝ ඕනෑම ක්‍රමයකට පවත්වනවානම් එයට මුහුණදීමට පොදුජන පෙරමුණ සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පාපන්දු ලෝක කුසලාන ජයග්‍රාහී ආජන්ටිනා කණ්ඩායම මුහුණ දුන් සුවිශේෂී සිදුවීමක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම ජනතාවට ආචාරය කිරීම වෙනුවෙන් ලෝක කුසලානයද සමගින් බුවනෝර්ස් අයර්ස වෙත වහළ නොමැති බසයකින් ගමන් කරමින් සිටින විට විශාල ජනතාවක් ඒ අවස්ථාවට එක්ව තිබේ.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව මෙරට ගොවි පවුල් මිලියන 1.2ක් සඳහා රුපියල් බිලියන 8ක මුදලක් පරිත්‍යාග කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය කියයි.

Read More

ට්විටර්හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් තමන් ඉක්මනින්න ඉල්ලා අස්වෙන බව ලොව ප්‍රකට ව්‍යාපාරික ඉලෝන් මස්ක් පවසයි. ඉන් අනතුරුව තමන් මෘදුකාංග හා සර්වර් කණ්ඩායම් මෙහෙයවන බවත් ප්‍රධාන විධායක තනතුරට සුදුස්සෙක් පත්කරන බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.

Read More

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.