රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රජය වැය කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතු නමුත් බොහෝ විට එය රාජ්‍ය වියදම් ක්‍රියාවලිය තුළ සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රාජ්‍ය ආදායම් අමතක කිරීම පමණක් නොව කිසිදු ප්‍රතිලාභයක් නොමැති කටයුතු සඳහා රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වැය කිරීම ද මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ බව පැවසුවේය.
එසේම පසුගිය වසර දෙක තුන තුළ මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සංවාදයක් සිදු නොවිම අද රටේ මතුව ඇති මූල්‍ය ගැටලුවලට ප්‍රධාන හේතුවක් බව ද හෙතෙම සඳහන් කළේය.
ආදායම් බදු මෙන්ම රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට මේ වන විට පාර්ලිමේන්තුව තුළ කමිටු ගණාවක් පත් කර තිබෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති කාර්යාලයේ දී භාරදුන් අවස්ථාවේ දීය.
වාර්තාව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා විධිමත් පරිසරයක් නිර්මාණය කිරීම, රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා නව ක්‍රමවේද හඳුන්වා දීම සහ ඒ සඳහා ඩිජිටල් ආර්ථික පසුබිමක් සකස් කිරීමට අදාළ යෝජනා මෙම වාර්තාවට ඇතුළත්ය.
මෙම යෝජනා තවදුරටත් සාකච්ඡාවට බඳුන්කර ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් දුන්නේය.
එසේම මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී උපරිමයෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා පුළුල් මාධ්‍ය ප්‍රචාරණයක් මගින් මේ පිළිබඳ ජනතාව විධිමත් ලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කළේය.