පාස්කු ඉරිදාත්රස්ත ප්‍රහාරයෙන් පසුව2021 වසරේදී තහනමට ලක්කළ ඉස්ලාමීය සංවිධාන 11න් 05ක තහනම තාවකාලිකව ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
මෙම සංවිධාන 05තහනම දැඩි කොන්දේසිමත ඉවත් කිරීමට නියමිතව තිබෙන අතර,මීට අදාළ ගැසට් නිවේදනයක්ක් නිකුත් කිරීමටත් නියමිතව තිබේ.
2019වසරේ අප්‍රේල් මස 21වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තහනමට ලක් වූ එක්සත් තවුහිද් ජමාත්, ලංකා තවුහිත් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මෙහෝමදියා, සමස්ත ලංකා තවුහිද් ජමාත්, ශ්‍රී ලංකා තවුහිද් ජමාත් යන සංවිධාන මෙලෙස දැඩි කොන්දේසි මත තාවකාලිකව තහනම ඉවත් කිරීමට නියමිතව ඇත.
මෙම ත්‍රස්තවාදී සංවිධාන 11 ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය 2021 වසරේ අප්‍රේල් 13වැනිදා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරිණි.
මේ අනුව අදාළ ගැසට් නිවේදනය මගින් මෙරට තුළ ක්‍රියාත්මක වීම තහනම් කර තිබෙන්නේ, එක්සත් තවුහිද් ජමාත්,සිලෝන් තවුහිද් ජමාත්, ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සමස්තලංකා තවුහිද් ජමාද්, ජමියතුල් අන්සාරිද්, සුන්නතුල් මොහොමදියා, සහ දාරුල් අදර් ජමි උල් අදර් හා ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, අයි.එස්.අයි.එස්. සංවිධානය, අල්කයිඩා සංවිධානය,සේව් ද පර්ල්ස් සංවිධානයහා සුපර් මුස්ලිම් සංවිධානය වේ.