රජයෙන් වී කිලෝවට රු. 90ක්
ගොවියාගේ වී කිලෝවක් රුපියල් 90 බැගින් රජය මිලදී ගැනීමට ලබන සතියේ සිට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා අද (13දා) උදෑසන පොළොන්නරුවේ දී පැවසිය.
පොලොන්නරුව සෙවනපිටිය බොර වැව ප්‍රදේශයේ මිරිස් වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වීමේදී අමාත්‍යවරයා එසේ කීය.
ගොවීන්ගේ වී මිලට ගැනීම සඳහා බැංකුවෙන් ණය ලබා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කෘෂිකර්ම ඇමතිවරයා හෙතෙම පැවසීය.
"අපි වී මිලදී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කරල තිබෙනවා. අනුරාධපුරයේ ගබඩා ටික අරින්න අපි අද දැනුම් දුන්නා. හෙට වෙද්දි ඒ කටයුත්ත සිදු වෙයි. ඒ වෙනකොට ලබන සතිය වෙද්දි රට පුරාම අපි මේ ක්‍රියාදාමය වී මිලදී ගැනීමේ කටයුත්ත සිදු කරනවා. හැටයි 75යි නේ කිව්වේ අපේ රුපියල් අනුව ගානේ ගන්නවා.
දකුණු පළාතේ සබරගමුව පළාතේ වී අරගෙන තියෙනවා ඒ වගේ මොනරාගල දිස්ත්‍රික්කයත් එක්ක වී කිලෝ ලක්ෂ දහ හතක් පමණ මේ වන විට අරගෙන තිබෙනවා. අපි වී මිලට ගන්න විට දැන් වී වල මිල වැඩිවෙලා තිබෙනවා.
රුපියල් හැට හැත්තෑ පහට තිබුණු වී දැන් වැඩි වෙලා තිබෙනවා. දැනට රුපියල් 85 දක්වා ඉහළ ගිහින් තියෙනවා ඉතින් අපේ ප්‍රතිපාදන වැඩි කරනවා වගේම අපි ළඟ තිබෙන දේවල් වලින් අපි වී අරගන්නවා. බැංකුවේ ණය දෙන්නෙ කැබිනට් අනුමැතිය අපට ලැබිලා තිබෙනවා.අපි වී අරගන්නවා."
popular news
-
L P Rupasena Friday, 14 July 2023 10:52 AM
The president stated Rs.100/kg . The Agricultural Minister says Rs. 90/kg. Does he belong to another goverment? How did he decide RS.90/kg?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

