රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව නැගෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තතමේන්තුව පෙන්වා දෙයි.
Read More75 වැනි නිදහස් උත්සවයට සමගාමීව පවත්වනු ලබන මහනුවර ජනරජ පෙරහර හෙට පස්වරු 6 සිට වීදි සංචාරය කිරිමට නියමිතව තිබේත. මෙම පෙරහර මහනුවර දළදා මාළිගාව අසලින් ආරම්භ වී දළදා වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ පැමිණ ගෙවැදීමට නියමිතව තිබේ. මේ අනුවර පෙරහර පවත්වන හෙට දිනයේ පස්වරු 5 සිට පෙරහර අවසන් වන තෙක් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාවට නංවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන ඒමේ අවස්ථාව උදා කරමින් 2023 ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ ජයග්‍රාකයින්ට පිරිනැමීමට නියමිත කුසලානය දින 06 ක ප්‍රදර්ශනය සදහා 02/18 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ආවේය .
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රමාණවත් සහායක් නොලැබුණත් ජාත්‍යන්තර මුූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල එකඟතාව ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම නිදහස් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read More2023 වසර තුළ හරිත මූල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු පොළී අනුපාත අඩු කිරීම පිළිබඳව සළකා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreපළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරිමේ දිනය කල් තැබීමට විරෝධය පාමින් සමගි ජන බලවේගය සදුදා කොළඹ වටලන බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම (සජබ) නලින් බණ්ඩාර මහතා පැවසිය.
Read MoreSSW වැඩසටහන හරහා ජපානයට පුහුණු ශ්‍රමිකයන් පිටත් කර යැවීම සඳහා වන ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානයේ General Incorporated Foundation IM Japan ආයතනය විසින් අද දින (2023.02.17) අත්සන් කරන ලදී.
Read Moreපසුගිය 2022 අගෝස්තු මස 75% කින් වැඩි කළ විදුලි බිල, 2023 පෙබරවාරි 15 සිට නැවත 66% කින් වැඩි කර ඇති බවත් මේ අනුව 2022 පෙබරවාරි මස තිබූ විදුලි බිල 2023 පෙබරවාරි වන විට 300%කින් එනම් තුන් ගුණයකින් වැඩිකර ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreප්‍රතිකාර සඳහා පෞද්ගලික අංශය වෙත යොමුව ඇති ජනතාවගෙන් 30% ක පමණ පිරිසක් ඉදිරියේ දී එම ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතිවිය හැකි බැවින් ඒ සඳහා වන ඉලක්කගත වැඩපිළිවෙළක් කෙරෙහි මේ වන විටත් අවධානය යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreවී මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධ සාකච්ඡාව අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අඩු ආදායම් ලබන පුද්ගලයින් සඳහා සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට නම් මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම් සහ බෙදාහැරීම් නිසි සැලසුමකට අනුව සිදු කළ යුතු බවයි.
Read Moreමාතර, මැදවත්ත රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරපිට මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක්ද, නැතහොත් ඝාතනයක්ද යන්න ගැන තීරණයක් ගැනීමට පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් අද (17දා) නියෝග කලාය
Read Moreඉහළ ගිය විදුලි මිල වැඩි වීම සහ බඩු මිල වැඩි වීමට එරෙහිව හොරණ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් හොරණ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී අද සවස (17) පැවැත්වුණි
Read Moreපොලීසියට ලද තොරතුරක් මත සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය දෙවන ගම්මානය ප්‍රදේශයේදී ඉකුත් (16) වෙනිදා සිදුකළ වැටලීමකදී ගෝඩා මිලිලීටර් 3,52,500 (ලීටර් 3525ක්) අත්අඩංගුවටගෙන ඇත.
Read Moreදකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (15දා) පැවැති තරග ද්විත්වයකදී ඓතිහාසික කඩයිම් පසුකිරීමට ඉන්දියාවේ දීප්ති ෂර්මා හා පාකිස්තානයේ මුනීබා අලි සමත් වූහ.
Read Moreක්‍රිකට්, දැල්පන්දු ඇතුළු මෙරට ක්‍රීඩා තේරීම් කමිටු වඩාත් ස්වාධීන කිරීම සඳහා නිසි නිර්ණායක ඇතුළත් ගැසට්පත්‍රයට අදාළ කරුණු ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සාකච්ඡා කළ බවත්, ඉතා ඉක්මනින් අදාළ තේරීම් කමිටු පත් කිරීමට පියවර ගන්නා බවත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සාමාජික හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පැවසීය.
Read Moreසුගතදාස ක්‍රීඩාංගණය, සුගතදාස හෝටලය සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය ඇතුළු තවත් ආයතන කිහිපයක් අයත් සුගතදාස ක්‍රීඩා අධිකාරියේ සභාපති ධුරයට මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි මහතා පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.
Read Moreජාතික ක්‍රීඩා සංගම් සඳහා නව රෙගුලාසි කිහිපයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා වන ගැසට්පත්‍ර මේ වන විට සකසමින් පවතින බවත් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
Read Moreපුත්තලම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයකු සන්තකයෙ තිබූ හොරෝයින් ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම්ස් 260 කට ආසන්න ප්‍රමානයක් සමග පුත්තලම මුලස්ථාන පොලිසියෙ දුෂණ මර්ධන අංශය මගින් 17 දින අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreමාතලේ දිස්ත්‍රික්කය පුරා ජංගම රථ මගින් සිදුකරනු ලබන අබලි ද්‍රව්‍ය එකතු කරනු ලබන පිරිස් විවිධ වංචාවන් රැසක් සිදුකරන බවට ප්‍රදේශ රැසක පිරිස් චෝදනා කරති.
Read Moreනුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබු තරුණයෙකුගේ මළසිරුරක් ඊයේ (16) රාත්‍රියේ සොයා ගත් බව නුවරඑළිය පොලීසිය පවසයි
Read Moreසිමෙන්ති පටවාගෙන ධාවනය වූ ලොරි රථයක් කොළඹ- රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට- පැරඩයිස් ප්‍රදේශයේදී අද (17දා) අළුයම 2.00 ට පමණ පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් යුද හමුදා සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව කුරුවිට පොලිසිය පවසයි.
Read Moreපෞද්ගලික හා ලංගම බස්රථ දෙකක් එකිනෙකා පරයා ගමන් යන්නට ගොස් සිදුවූ අනතුරකින් බස්රථ දෙක සිරවී මගින් 50 කට අධික පිරිසක් විනාඩි 40 ක් පමණ කාලයක් බස්රථයෙන් බැසගැනීමට නොහැකිව සිරවී සිටිමේ සිද්ධියක් වාර්තා විය.
Read Moreපළාත් පාලන මැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් දිවයින පුරා පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කර ඇති අපෙක්ෂකයන් වැඩි පිරිසක් විවිධ අපරාධ වලට සම්බන්ධ වුවන් බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.
Read Moreගැට කිඹුල් පැටියෙකු සන්තකයේ තබාගනිමින් විදේශිකයින්ට පෙන්වා මුදල් ලබාගත් පුද්ගලයෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත්බව අලූත්ගම පොලිසිය පවසයි.
Read Moreයම් මැතිවරණයක් මුදල් නොමැති බව පවසා කල්දමන්නේනම් ඕනෑම මැතිවරණයක් එලෙස කල්දැමීමට හැකිවන බවත් ඡන්දයක් නොපැවත්වීම හෝ කල්දැමීම අපරාධයක් බව මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.
Read Moreරග්බි ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන වෙබ් එලිස් කුසලානය ලාංකිකයන්ට දැක ලබා ගැනීමට අවස්ථාව උදාවී තිබේ.ඒ අනුව සති අන්තයේදී කොළඹදී හා මහනුවරදී මෙම කුසලානය දැක ගැනීමට අවස්ථාව ලැබෙයි.
Read More