එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සමත්විය.
ඒ නෙදර්ලන්තය සමගින් පැවැත්වෙන තරගයේදී පන්දු 40කදී ශතකයක් රැස්කරමිනි. ඔහු පන්දු 44කදී ලකුණු 106ක් රැස්කළ අතර එයට හතරේ පහර 9ක් හා හයේ පහර 8ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු පිතිකරු ඒඩ්‍රන් මර්ක්රම් පන්දු 49කදී ශතකයක් රැස්කමින් මෙම වාර්තාවට හිමිකම් කීවේය.