බදුල්ල - කොළඹ මාර්ගයට හල්දුම්මුල්ල ප්ර දේශයේදී පස් කන්දක් නාය යාම හේතුවෙන් සම්පූර්ණයෙන් ඇණහිට තිබූ වාහන ගමනය යළිත් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඊයේ දහවල් කාලයේදී මෙම පස් කන්ද නාය යාම සිදුවිය. මාර්ගයට වැටී තිබූ පස් ඉවත් කිරීමෙන් අනතුරුව මෙසේ යළිත් වාහන ගමනා ගමනය වෙනුවෙන් විවෘත කර තිබේ.