saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 3794 hours ago

LATEST

සජබ ජනකගේ පැත්තේ

calendar_today 2023 මැයි 21 - 19:32 remove_red_eye - 282  

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය පාවිච්චි කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මළ සිරුර තැන්පත් කරන තිබෙන බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු ඒ සඳහා යොදවා ඇත.

Read More

මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි විදේශිකයන්ට මැණික් අලෙවිකරණ සුප්‍රසිද්ධ අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි තිදෙනෙකු එම ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 80ක් වටිනා නිල් මැණික් ගලක් පරීක්ෂා කරන මුවාවෙන් ව්‍යාජ නිල් වීදුරු ගලක් තබා නිල් මැණික් ගල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .

Read More

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම‍ට අධ්‍යාපන අමාත්‍යාංශය ලිපි නිකුත් කරනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අයදුම්කරුවන් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාල පාසලට යොමු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

Read More

පානදුර මුහුදු වෙරළේ මත් ගතියෙන් සිටි බාල වයස්කාර ළමුන් දෙදෙනෙකු ඇතුළු තරුණ තරුණියන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පැවසීය.

Read More

අදාළ රාජ්‍ය අමාත්‍යවරයා මොවුන් ආයෝජකයන් පිරිසක් බැවින් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරමින් ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් නිකුත් කර තිබේ.

Read More

රට තුළ ජාතිවාදී හා ආගම් ආගම්වාදී අර්බුද ඉස්මතු වීමේ ස්වරූපයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින්හටගන්නා සිද්ධීන් වලින් පෙනෙන්නට තිබෙන බැවින්එවැනි කටයුතු මැඬලීම සඳහා අවශ්‍යපියවර ගන්නා ලෙසජනාධිපතිවරයාට දන්වමින්විශේෂ සංදේශයක්ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රීඤානරතන නායක හිමියන් විසින්ජනාධිපතිවරයාට භාර දී තිබේ .

Read More

බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අම්බලන්‌ෙතාට හා බතලගොඩ වී පර්යේෂණායතන විසින් හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 වී ප්‍රභේද මේ වනවිට දිස්ත්‍රික් කිහිපයකම ඉහළ අස්වැන්නක් ලබා දීමට සමත්ව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු අවධාරණය කරති.

Read More

ජනාධිපතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව මෙන්ම සිය පක්ෂයද සුදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

මම දේශපලනඥයෙක්. මම ගාවට හැම ජාතියෙම මිනිස්සු එනවා. මම ලියුම් ගැහුව්ව පලියට වැඩ කරන්න එපා. මම කියන දේ හරි නැත්නම් ඒ වැඩේ කරන්න එපා. හැබැයි මාව දැනුවත් කරන්න.

Read More

අත්අඩංගුවට ගත් කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය

Read More

කුරුණෑගල නාරම්මල ප්‍රධාන මාර්ගයේ පිදුරුවැල්ල නගරයට ආසන්නව තිබෙන බස් නැවතුම්පොළක රැඳී සිටි උහුමීය ඩී.එස්. සේනානායක මැදි විදුහලේ සිසුවියක් ජීප් රථයක හැපීමෙන් සිදුවූ අනතුරකින් ඊයේ (20) පෙරවරුවේ මරණයට පත්ව ඇති බව වීරඹුගෙදර පොලීසිය පවසයි.

Read More

ලබන වසරේ මාර්තු පමණ වනවිට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීම පිනිස දේශපාලන පක්ෂ කිහිපයක සහාය ලැබෙන බවත් රට ගොඩනැගීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.

Read More

උතුරු, උතුරු-මැද හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇත. රජරට විශ්ව විද්‍යාලයේ පැවතී සැසිවාරයේදී ඔහු එම තනතුරට පත්ව තිබේ.

Read More

බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විදෙස් ගත වු දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (21දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

තම වැඩි මහල් දියණියට අතවර කළ පියෙකු මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් එම්.එච්.ෆරීක්ඩීන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (31) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

Read More

චීනය සහ මධ්‍යම ආසියානු සහයෝගීතාවය හරහා නව අපේක්ෂාවන් විවෘත වන වේදිකාවක් නිර්මාණය කිරීමට මධ්‍යම ආසියා සමුළුවට හැකි වූ බව චීන ජනාධිපති ෂී ජිංපිං මහතා පැවසීය.

Read More

කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා 2023 මැයි 18 වැනි දින නිකුත් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කළේ ය.

Read More

2023 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ඉදිරි දෙවසරක කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ පරිපාලන කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

Read More

විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාල පත්වීම් ඉක්මනින් ලබා දෙන ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දෙන ලදී.

Read More

මහ නගර සැලැස්ම යටතේ මෙම මහනුවර නගරය කඩිනමින් සංවර්ධනය කිරිමට මම බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ලබන සැප්තැම්බර් මාසය වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වෙයි කියා මම විශ්වාස කරනවා. ඉන් පසු රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බොහෝ ප්‍රමාණයක් ආයෝජන අවශ්‍ය වෙනවා. ඒ වගේම සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වාගත යුතුයි. ත්‍රිකුණාමලය නව නගර සැලස්ම දැන් ක්‍රියාත්මකයි. මහනුවර මහනගර සංවර්ධන සැලැස්ම මේ වසරේ ආරම්භ කිර

Read More

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 57 වන කණ්ඩායම ලෙස රැකියා ලාභීන් විසිතුන් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.

Read More

බගවන්තලාව හා නොර්වුඩ් පොලිස් වසම්වලින් 19 වන දින අතුරුදහන්වු බවට පැමිණිලි ලැබි පැය කිපයක් ඇතුලත එම පාසල් සිසුන් දෙදෙනා සොයා ගැනිමට බගවන්තලාව හා නොර්වුඩ් පොලිස් ස්ථානවල නිලධාරින් සමත්ව ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 -2025 නිලධාරි මණ්ඩලය තෝරාපත්කර ගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයේදී සභාපති ධුරයට හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් නැවතත් අද (20) පත්විය.

Read More

මෑතකදී අවාසනාවන්ත ලෙස යෞවනයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වූ නීති විරෝධී සිදුවීම් සම්බන්දයෙන් අවධානය යොමු කරමින් ,විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ‘සමාජ බුද්ධි ඒකකයක්’ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

වසරේ මුල් මාස තුන තුළ ජපානය අභිබවා යමින් ලොව විශාලතම මෝටර් රථ අපනයනකරුවා බවට පත්ව ඇති බව චීනය ප්‍රකාශ කළේය.

Read More

බොරැල්ල, ලෙස්ලි රණගල දුම්රිය හරස් මාර්ගයේදී වෙඩි තැබීමක් සුදුකර පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.