saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 3789 hours ago

LATEST

රක්ෂණභාර අරමුදලේ පරිපාලන ගැටලු රැසක් කෝප් කමිටුවේදී එළියට

calendar_today 2023 මැයි 12 - 19:25 remove_red_eye - 343  

• ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු කළමනාකරණ තනතුරු රැසක් වැඩබලන තනතුරු හෝ පුරප්පාඩු වූ තනතුරු • ආයතනයේ පරිපාලනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය අතිශය දුර්වල මට්ටමක - එහි ප්‍රතිඵලයක් ලෙස ආයතනය වැසීයාමේ තර්ජනයක් - පූර්ණ විගණනයකට මුදල් අමාත්‍යාංශ ලේකම්ට බලය පැවරේ • ආයතනය විධිමත් ව්‍යාපාරික මොඩලයකට අනුගත කොට ස

ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් එකඟ වී තිබේ. ඒ අනුව කිලෝවක් රුපියල් 200කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් හා වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

Read More

කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද ( 12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද කොස්ලන්ද පොලීසිය කියයි.

Read More

සමනවත්තේ අතුරුදන්ව සිටි පුද්ගලයෙක් ඔහු පදිංචි ස්ථානයේ සිට කිලෝ මීටර් 15ක පමණ දුරකින් දියවේල් රාස්සගල ලඳු කැලෑ ප්‍ර දේශයක සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

කෘරත්වය, මැරකම්, ජඩකම්වලින් පිරුණු වරමක් නොමැති මේ ආණ්ඩුව තුළ මෙවැනි මිලේච්ඡ පහරදීම් සිදුවීම කණගාටුවට කරුණක් බවත් පාර්ලිමේන්තුවෙන් ලොවට ප්‍රකාශ කළ මැර ව්‍යාපාරයේ එක ගොදුරක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් හට මුහුදු රාජකාරීන් සඳහා අවස්ථාව විවර කරමින්, කාන්තා නිලධාරීන් දෙදෙනෙක් (02) සහ කාන්තා නාවිකයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත පළමු කාන්තා නාවික පුද්ගල කණ්ඩායම මුහුදු රාජකාරීන් සඳහා 2023 මැයි මස 11 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත අනුයුක්ත විය.

Read More

එයාර් චයිනා ගුවන් සේවය සතියකට තුන් පාරක් ශ්‍රී ලංකාව වෙත පියාසර කිරීමට තිරණය කර ඇති බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

රවීන රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකාවේ අගහිගකම්වලින් යුත් දරුවන් අතර බෙදාදීම සදහා ලැප්ටොප් පරිගණක 215 ක් රැගෙන 05/12 අලුයම අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ගොස් කල දැනුම්දීමකට අනුව ඔවුන් වෙත දේශපාලන බලපෑම් ඇතිදැයි සොයා බැලීමට ත්‍රී පුද්ගල කමිටුවක් පත් කර ඇති බව ජනමාධ්‍ය හරහා දැනගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා තමන් සූදානම් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා 2023.03.29 වන දින ලිපියක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දන්වා යවා ඇත.

Read More

පුද්ගලික අංශය යුරියා අඩු මිලට අලෙවි කරමින් තිබියදි ගොවිජන සේවා මධ්‍යස්ථවලින් වැඩි මිලට යුරියා හා මඩ පොහොර අලෙවි කරමින් තිබෙන බවත් මේ නිසා ගොවිජන තාවට අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සදහන් කරයි.

Read More

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යමින් තිබෙන නිසා ජනතාව ඒ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා ප්‍රජාවිශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කල විහාරාධිපති හිමි නමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන් නමක් අද (11) අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය පවසයි .

Read More

ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

දිවයිනට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සි.සී.) ඉම්රාන් කවාජා හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් ක්‍රීඩා අමාත්‍යංශයේදි සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දේශපාලන බලපෑම් ඇත්දැයි සොයා බැලීමට සඳහා මෙරටට පැමිණ සිටින කවාජා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ නිළධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව ඔහු කළ දැනුම්දීමකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා හා උප සභාපතිවරයා අතරද හමුව පැවැත්විණි.

Read More

රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ මගනැගුම ආයතනයේ විශාල පිරිසක්ව න්දි ගෙවා බලහත්කාරයෙන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසීය.

Read More

අධ්‍යක්ෂ ජනරාල්වරිය අනිවාර්ය නිවාඩු යැවීම ඇතුළු හිටපු සභාපතිවරයාගේ අනීතික පරිපාලන තීන්දු නිසා සිදුවූ අලාභය පියවා ගැනීම ඇතුළු ඉදිරි පියවර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සති දෙකක් තුළ වාර්තා කරන ලෙස අමාත්‍යාංශයට දන්වයි

Read More

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව අද පස්වරුවේ කාන්තාවක අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

මෙවර යල කන්නයේ දී වී වගා කරන ගොවීන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් සහනාධාර මුදලක් ලබා දීමට තීරණය කර ඇත. ඒ අනුව හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක මුදලක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් ලබා දීමට කටයුතු කර ඇත.

Read More

රූපලාවණ්‍ය කටයුතු සිදු කරන මුවාවෙන් ගොස් රූපලාවන්‍ය ශිල්පිනියන් ගේ ණය කාඩ්පත් සොරාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න භාණ්ඩ මිලදී සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ 20 හැවිරිදි සුරිපි තරුණියක අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.

Read More

මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් රුපියල් බිලියන 25ක වටිනාමකින් යුතු නිවාස ව්‍යාපෘති පහක් ඉදිරි වසර තුන තුළදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පළාත් පාලන ඡන්ද අපේක්ෂකයන් වන රාජ්‍ය සේවකයන්, ඡන්දය ඉල්ලන ස්ථානයට ආසන්නත ම බලප්‍රදේශයේ සේවයට වාර්තා කිරීමෙන් සුළු පිරිසකට ගැටළුවක් මතුවී ඇත්නම්, සාකච්ඡා කර ගැටළුව විසඳන බව, අග්‍රමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා, ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2023.05.11 දින ප්‍රකාශ කළේය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විනාශයෙන් සිදුවූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වන බවත් ඒ යටතේ මූලික එන්තරවාසියක් මීට සම්බන්ධ ආයතන රැසකට යොමු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

රට තුළ භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ඊයේ දින පියත් නිකේෂල මහතාට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් සංවිධානාත්මක කණ්ඩායමක් සමග එක්ව මැර ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් මේ වන විට මැර ප්‍රහාරයට ලක් වූ සහ මැර ප්‍රහාරය එල්ල කළ දෙපළම අත්අඩංගුවට ගෙන් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

තියුණු ආයුධ රැගෙන ගල්කිස්ස පීරිස් පාරේ එළවළු වෙළඳසලකට මහා දවාලේ කඩා වැදි තියුණු ආයුධ පෙන්වා ව්‍යාපාරිකයා බියගන්වා ඔහු පැළඳ සිටි රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑ දෙදෙනාගෙන් අයෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

පාසල් සිසුවියන් දාසය දෙනෙකුට පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අද උදෑසන අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සමත්ව ඇත.

Read More

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තා තමන්ට පහරදුන් බවට කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා කළ පැමිණිල්ලක් අනව ප්‍රියත් නිකේෂල අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

Read More

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගල්කිස්ස වෙඩිකන්ද ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් ඉකුත් 10 වන දින ගල්කිස්ස දූෂණ මර්දන අංශය මගින් වටලා එහි කළමණාකරිය සමග ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

Read More

රුපියල් ලක්ෂ 217 ක අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් අයකැමිවරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.