saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 3778 hours ago

LATEST

නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

calendar_today 2023 මැයි 15 - 09:30 remove_red_eye - 169  

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 මැයි මස 14 වන දින කටයුතු කෙරිණි.

කිරි ගව සොරුන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවල දී ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා පොලීසියෙන් ඉල්ලිමක් කරයි.

Read More

ඕස්ට්‍රේලියානු රජය විසින් එරට රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ බීච්ක්‍රාෆ්ට් යානයක් ත්‍යාගයක් ලෙස මෙරටට ලබා දී තිබේ. KA350 King Air වර්ගයේ ගුවන් යානයක් වන මෙයද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයකි.

Read More

කොළඹ නගරය ආශ්‍රිතව ත්‍රවිධ හමුදාව යොදවා සිටින්නේ හදිසි අවස්ථාවකදී ක්‍රියා කල යුතු ආකාරය ගැන පෙර පුහුණුවක් ලබා දිම සදහා බව යුද හමුදා මුලස්ථානය සදහන් කරයි

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවනු ලබන්නේ වර්ගවාදී පදනම මතද යන්න ප්‍රශ්න කරන බව ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පැවසීය.

Read More

මේ රටේ සිදුවන මාර්ග අනතුරු වලින් 15%ක් ම මිය යන්නේ වයස අවුරුදු 16 ට අඩු දරුවන් විම වර්තමානයේ රට මුහුණ පා ඇති බරපතල ඛේදවාචකය වි ඇතැයි මාර්ග අනතුරු වැළැක්වීමේ විද්වත් කමිටුවේ සභාපති මහාචාර්ය සමන් ඩි අතුකෝරළ මහතා පවසයි.

Read More

ප්‍රමිතියෙන් තොරවීම නිසා නිර්වින්දන ඖෂධ කුප්පි ලක්‍ෂයක් භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

Read More

රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්නේ නම් මූල්‍ය ක්ෂේත්‍රය කඩා නොවැටී ශක්තිමත් කිරීමට අරමුදලක් අවශ්‍ය වන බවත්, එය ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවර්ධන බැංකුවකින් මෙරටට ලබා ගත හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පාඩු ලබන සහ ලාභ ලබන රාජ්‍ය ආයතන 430ක් හඳුනාගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

නුවර එළිය මැතිවරණ බල ප්‍රදේශයේ පාක්ෂිකයන් දැනුවත් කිරීම සඳහා සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීම නුවරඑළිය ආසනයේ සම ආසන සංවිධායක අශෝක සේපාල මහතා අදහස් දැක්වීමත් සමගින් උණුසුම් විය .

Read More

සංචාරයක් සදහා අහුංගල්ල මිද්දරමුල්ල, පිහිටි රියු සංචාරක හෝටලයේ පළමු මහලෙන් බිමට වැටුණු සිව් හැවිරිදි පිරිමි දරුවකු තුවාල ලබා අද (14)උදේ රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

මහනුවර කතරගම මහා දේවාලය සඳහා බස්නායක නිළමේවරයෙකු පත් කරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී එහි ඡන්දය හිමි ප්‍රාදේශීය ලේකම්වරුන් එහි අපේක්ෂකයන්ගෙන් අල්ලස් මුදල් ලබාගත් බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

Read More

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ පෞද්ගලික නිවසේ දොර ජනේල වලට සවිකර තිබූ පිත්තල සරනේරු සොරාගත් සැකකරු දෙහිවලදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

මොරන්තුඩුව ප්‍රදේශයේ විද්‍යාලයක සිසුන් සිව් දෙනකුට එම විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේදී සිසුවෙකු පිටස්තර තරුණයන් තිදෙනෙකු එක්ව සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මොරන්තුඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

Read More

නිවසේ තනිවම සිටි ඉංගිරිය තරුණියගේ මරණය සිදුවී ඇත්තේ අකුණු සැර වැදීම හේතුවෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ බව ඉංගිරිය හදිසි මරණ පරීක්ෂක ඉන්දිම කනත්ත වත්ත මහතා පැවසීය.

Read More

නාඋල - මී ගොල්ල ශ්‍රී ජින රාජ විවෙක සෙනසුනේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාන්න වහන්සේගේ ඉතිරි වැඩ කොටස් නිමා කිරිම වෙනුවෙන් පසුගිය දා (14) පැවැති කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හය ලක්ෂ හැට දහසකට අලවි වූ බව සංවිධායකයෝ කියා සිටිති.

Read More

බෝලවත්ත දුම්රිය ස්ථානයට කඩා වැදි ස්ථානාධිපති ඇතුලු සිව් දෙනකුට පහරදි තුවාල සිදුකළ බව කියන තිදෙනකු පෙරේදා(13) රාත්‍රි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි.

Read More

මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පෝෂක ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාව ඇද හැළුණි.

Read More

නීතිවිරෝධී ව්‍යාජව මුද්‍රණය කළ රුපියල් 5000 මුදල් නෝට්ටු 12ක් සමඟ අඹු සැමි යුවළක් කළුතර උතුර පොලීසිය මගින් අද (13දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ අද මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇති බවත්, වසරක් තුළ රටේ ආර්ථිකය වෙනස් කිරිමට විගමණික ශ්‍රමිකයින්ට හැකිවූ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ සිංගප්පූරුවේ හෙද වෘත්තිය සඳහා පිටත්ව යන පළමු ශ්‍රි ලාංකික හෙද පිරිසට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදි එක් වෙමිනි.

Read More

රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබා ගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සියයට 6.5ක පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP ව්‍යාපෘතිය සහන වැඩ පිළිවෙළක් අරඹයි.

Read More

රිළවුන් විසින් සිදු කරන හානිය නිසා මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇතැයි කිතුල් කර්මාන්තකරුවෝ පසුගියදා (12) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කළහ.

Read More

ක්‍රමය වෙනස් කරන්න නම් ප්‍රථමයෙන්ම ක්‍රමයට ඇතුළත් වන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

භාණඩ ප්‍රවාහන දුම්රියක් පිලි පැනිම හේතුවෙන් ඇන හිට තිබු උඩරට දුම්රිය මාර්ගය ගමනා ගමන කටයුතු (13දා) පස්වරු 2 සිට යළි යථා තත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරියේ නිලධාරියෙකු පැවසිය.

Read More

විපක්ෂයක් ලෙස රාජ්‍ය පාර්ශ්වයේ අඩුපාඩු කම් පෙන්වා දුන්නත් ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් තුළ සුබවාදී, හරවත්, ධනාත්මක දෙයක් වෙන විට ඒ දිහා ප්‍රශංසා නොකර අහක බලන් සිටිය නොහැකි බවත් හොද දේ හොද යැයි අගය කිරීමට කශේරුකාවක් තිබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් ශ්‍රී ලංකාව එම බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නා ක්‍රියාදාමයේ දී රටට යහපත් දෙයක් වෙනවා නම් එය අගය කරන බව ය.

Read More

කලුබෝවිල ප්‍රදේශයේ විදේශ රැකියා උපදේශන සේවා මධස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් රට රැකියා සඳහා යවන බව පවසමින් මුදල් වංචාකළ බවට සැකපිට කාන්තාවක් ඊයේ (2023.05.11) දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට ගෙන ඊයේ (12) නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

Read More

වෙලේවැව සමෘද්ධි බැංකුවේ ලක්ෂ බැංකු ශාඛාවේ ලක්ෂ 450 කට අධික මුදලක් වංචාකල සිද්දියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගත් එම බැංකු ශාඛාවේ හිටපු ප්‍රධාන කළමණාකරුවන් , මුල්‍ය අයකැමි ඇතුළු සැකකරුවන් ඇතුළු හය දෙනෙකු මැයි 26 දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කරන ලෙසට ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය වංචා ඒකකයට නියෝග කළාය.

Read More

වාරියපොල පොලිස් වසමේ අතුරුදන්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුර එම ප්‍ර දේශයේ වෙල් යායක් ආසන්නයේ තිබූ වතුර වලකින් හමුවූ බව පොලීසිය කියයි.

Read More

මෙරට පුහුණු හෙද හෙදියන්ට සිංගප්පූරුවේ රජයේ රෝහල්වල රැකියා සඳහා යොමු වීමට අවස්ථාව මේවන විට හිමිවී තිබේ. ඒ අනුව හෙද වෘත්තිය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් සහ සේවා පළපුරුද්දක් ඇති වෘත්තිකයින්ට මෙන්ම රජයේ හෙද පාසල්වල පුහුණුව ලබා සේවා පළපුරුද්දක් සහිත හෙදියන්ටද සිංගප්පූරු රජයේ රෝහල්වල හෙද වෘත්තිය සඳහා ප්‍රවේශ වීමට හැකිය.

Read More

හෙද විද්‍යාලය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට රජය ගනු ලැබූ තීරණයත් සමග මෙරට හෙද සේවයේ මහා අනාගත පෙරළියකට අවස්ථාවක් බිහිවී තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.