රජ දවසින් පසු මෑත ඉතිහාසය තුල රුවන්වැලිසෑය අභියස පැවැති විශාලම ශබ්ද පූජාව
හෙල රජ දවසින් පසු මෑත ඉතිහාසය තුළ රුවන්වැලි සෑ රදුන් ඉදිරිපිට පැවැත්වූ විශාලතම ශබ්ද පූජා පින්කම අද (28දා) උදෑසන රුවන්වැලි සෑ රදුන් අබියස දී සිදු කෙරිණි.
මඟුල් බෙරය, දවුල, තම්මැට්ටම, ගැටබෙරය, හක් ගෙඩිය සහ හොරණෑව භාවිතා කරමින් 510, දෙනෙකුගෙන් යුතු හේවිසි කණ්ඩායමක් රුවන්වැලි සෑ සලපතල මළුව වටා හිඳිමින් බුදු රජාණන් වහන්සේ උදෙසා සිදු කෙරෙන ආමිස පූජාවක් ලෙස, උදෑසන 6.30 සිට 7.30 දක්වා පැයක කාලයක් පුරාවට අඛණ්ඩව මෙම ශබ්ද පූජාව සිදු කලහ.
"වස් දොස් දුරුවී රටට යහපත සැනසිල්ල උදා වේවායි" ප්‍රාර්ථනා කරමින් මෙම ශබ්ද පූජාව පැවැත්වූහ.
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල් වැටුණු වැවේ ඥානතිලක නා හිමිගේ අනුශාසකත්වයෙන් මල්වතු මහා විහාර වාසී, පුරා විද්‍යා ගවේෂණ ශූරී ශාස්ත්‍රපති මැද මහනුවර ධම්මසිරි හිමිපාණන්ගේ සංවිධානත්වයෙන් හා මඟ පෙන්වීමෙන්, උන්වහන්සේගේ දායක දායිකාවන් පිරිසක් මෙම ශබ්ද පූජා පින්කම සිදු කලහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

