සරසවි අනධ්‍යන සේවක වැටුප් විශමතා විමර්ශනයට කමිටුවක්
2024.05.27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 2018 සිට පැවැති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වූ ගැටලුව පිළිබඳව හා ඒ හා සම්බන්ධ වූ වෙනත් වැටුප් විෂමතා පිළිබඳව ඇති ගැටලු පිළිබඳව විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබා ගැනීමට තීරණය වි ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මේ අනුව වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් බැහැරව සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
තවද, සේවයට වාර්තා කිරීමෙන් පසු වැටුප් හා අතිකාල දීමනා ගෙවීම පිළිබඳව ගැටලුවක් පැන නොනඟින බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

