අතරමග නැවතුණු මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති නැවත අරඹයි
කොවිඩ් සහ ආර්ථික අර්බුධය හේතුවෙන් අතරමග නතර කෙරුණු මාලඹේ, බොරලැස්ගමුව, මාකුඹුර යන විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කෙරේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
මෙම නිවාස ව්‍යාපෘති තුන නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කරන ලද්දේ 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ය. මාලඹේ නිවාස ව්‍යාපෘතිය සදහා රු.මිලි. 3148.80 ක් වෙන් කෙරිණ. ඒ නිවාස 256 ක් ඉදිකිරීම සදහායි. නිවාස 120 ක් ඉදිකිරීම සදහා වන බොරලැස්ගමුව නිවාස ව්‍යාපෘතිය සදහා වෙන් කළ මුදල රු. මිලි. 1476 කි. යෝජිත මාකුඹුර නිවාස ව්‍යාපෘතිය සදහා වන ඇස්තමේන්තුගත මුදල රු.මිලි. 3859ක් වන අතර එහි ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 314 කි.
මාළඹේ නිවාස ව්‍යාපෘතිය 2023 වර්ෂයේ මාර්තු මස සිට තාවකාලිකව අත්හිටුවා තිබූ අතර ඒ වන විටත් නාගරික සංවර්ධන අධිකාරිය රු.මිලි 1539 ක මුදලක් එහි ඉදිකිරීම් කටයුතු සදහා වැය කර තිබිණ. බොරලැස්ගමුව සහ මාකුඹුර යන ව්‍යාපෘති දෙකෙහි ම වැඩ කටයුතු තාවකාලිකව නවතා දමන්නේ 2022 වර්ෂයේ ජූලි මාසයේ දී යි. ඒ වන විටත් මෙම ව්‍යාපෘති දෙක සදහා අධිකාරිය විසින් පිළිවෙලින් රු.මිලි 369 ක් සහ රු.මිලි 1378 ක මුදලක් වැය කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

