saravita-anim2

2025 ජුනි මස 24 වන අඟහරුවාදා

2025 ජුනි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 374 hours ago

LATEST

මියන්මාර් භූකම්නයෙන් මිය ගිය ගණන 1,600 ඉක්මවයි

calendar_today 2025 මාර් 30 - 11:30 remove_red_eye - 175  

මියන්මාරයට බලපෑ භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1,600 ඉක්මවා ගොස් තිබේ.

නාවික හමුදාව, තලෛයිමන්නාරම වැලිපර 1 සහ 2 අතර මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ එකසිය විසි හතරයි (124) ග්‍රෑම් තුන්සිය අනූ දෙකක (392) පමණ තොගයක් (තෙතබර සහිත) 2025 මාර්තු මස 28 වැනි දින උදෑසන නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

මෙවර සති අන්තයේදී ශ්‍රි පාද වන්දනාව සඳහා නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයෙන් ලක්ෂ 04 කට ආසන්න දෙස් විදෙස් වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

Read More

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ වෙළඳපොළේ අලෙවි කිරීම සඳහා ටින් මාළු අපනයනය කරන අවස්ථාව ඉතිහාස ගතවන බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.

Read More

මාතලේ සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනිඅවියක් සහ පතොරම් ගැබ් 02ක් 29 දා සොයා ගත් බව මාතලේ පොලිසිය කියයි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු හා ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

මියන්මාරයට ඊයේ දිනයේදි සිදුවූ ප්‍රභල භූමිකම්පාවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

උතුරු, උතුරු මැද, වයඹ පළාත් සහ ත්‍රීකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිසර සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සෑම පැය 04 කට ම වතාවක් රිය අනතුරකින් මෙරට වටිනා මිනිස් ජීවිතයක් අහිමි වන අතර, මේ වනවිට එය පාලනය කළ නොහැකි අභියෝගයක් වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read More

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් 01 වන දා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිතය. මේ අතර දැනට පවත්වාගෙන යන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක් මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

Read More

ජනපති සහ ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශවල නිලධාරීන් අතර සාකච්ඡාවක්

Read More

• පෞද්ගලික සමාගම තෝරාගැනීමට උපදෙස් ලබා දුන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයායි - කාරක සභාවේදී අනාවරණය වෙයි

Read More

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් 350,000/-ක මුදලක් ලබාගත්තේ යැයි කියන මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම සැකකරු රුපියල් ලක්ෂ 05ක ශරිර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළාය.

Read More

2024 වසරේ දී මෙරටින් ක්ෂය රෝගීන් 9200 ක් වාර්තා වී ඇත. පිරිමි රෝගීන් 5291 ක් වන අතර ගැහැනු රෝගීන් ගණන 3259 ක් වේ. පසුගිය වර්ෂයේ දී මෙරටින් වාර්තා වූ ළමා ක්ෂය රෝගීන් ගණන 250 කි. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා සීමා බල ප්‍රදේශයෙන් වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.

Read More

රික්ටර් මාපාංකයේ 7.7ක ප්‍රභලත්වයක් සහිත භූ කම්පනයකින් හා රික්ටර් මාපාංකයේ 6.4ක ප්‍රභලත්වයකින් යුත් දෙවැනි භූ කම්පනයද ඇතුළත්ව භූ කම්පන දෙකකින් මියන්මාරය සෙලවි ගියේය.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අප්‍රේල් 04දා දිවයිනට පැමිණෙන බව රජය ප්‍රකාශ කරයි.

Read More

ඌරෙකුගෙන් ලබා ගත් අක්මාවක් ලොව පළමුවරට මිනිසෙකුට සාර්ථක ලෙස බද්ද කිරීමක් පසුගියදා චීනයේදී සිදු වුණු බව වාර්තා වෙයි. මෙහිදී අදාළ ඉන්ද්‍රිය මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාව අඩු කිරීම සඳහා එම ඌරා ජානමය වෙනස්කමකට ලක් කෙරුණු ඌරෙකු බවත් පැවසෙයි.

Read More

මහ පොළොව යට තැන්පත්ව තිබූ විශාල සුදු ගල් පර්වතයක් ගොඩට ගෙන මාස හතරක වැනි කාලයක් තුළදී අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේ නමක් තනවා අවසන් කිරීමට අපේ කාලයේ ගල්වඩුවානන් කෙනෙකුට හැකි වී තිබේ.

Read More

මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කල බස් රථ රියදුරෙකු ගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කර රුපියල් හතලිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චමිපික රාජපක්ෂ මහතා ඊයේ (27) නියම කලේය.

Read More

වෙඩි තබා හෝ හක්කපටස් යොදා ගනිමින් සිදුකරන වනඅලි ඝාතන සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රිපාද වන්දනා සමය හා පාසල් නිවාඩු සමය වෙනුවෙන් මෙන්ම එළැඹෙන දීර්ඝ සති අන්තය හෙතුවෙන් අද(28) සිට 31 වන දින දක්වා කොළඹ කොටුවේ සිට බදුල්ල, අනුරාධපුර,ත්‍රිකුණාමලය දක්වා විශේෂ දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ආහාර නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත පුද්ගලයන් 50,000 කට ‘ටයිපොයිඩ්’ එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read More

ඩෙංගු මදුරු මර්දන වැඩසටහන යනු සාම්ප්‍රදායික ව්‍යාපෘතියකට එහා ගිය ක්‍රියාන්විතයක් බැවින් එයට ජනතා සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

Read More

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කොළඹ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින තත්වය පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද පෙරවරුවේ ( 27) එක්වුණා.

Read More
රජ ලුණු එයි
27 03 2025 20:25:00
0 522

රජය විසින් ’රජ ලුණු’ සන්නාමය යටතේ මේස ලුණු නිශ්පාදනය කිරීම ලබන 29 දා ආරම්භ කෙරෙයි.

Read More

ඇඹිලිපිටිය සිට බදුල්ල දක්වා ගමන්ගත් වෑන් රථයක් අද (27දා) හල්දුම්මුල්ල පුස්සැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කළ බව හල් දුම්මුල්ල පොලිසිය පැවසීය.

Read More

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි නඩුව විභාග කිරීමෙන් කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකුම අද (27) ඉවත් වුහ.

Read More

පළාත් පාලන ආයතන 339 ටම අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 22 වැනි දින සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන් සිව්දෙනෙකුට පැනවූ තහනම සම්බන්දයෙන් විදෙස් ඇමති විජිත හේරත් මහතා ලබාදී ඇති පිළිතුර “පතෝල” පිළිතුරක් ලෙස තමන් දකින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

2025 මාර්තු මස 15 වනදා දිවයින පුරා ක්‍රියාත්මක කළ වන සත්ව සංගණනයේ වාර්තාව හෙට (28දා) ලැබන බවත් එම වාර්තාව අනුව වන සත්ව කළමණාකරණ වැඩපිළීවෙල ආරම්භ කරන බවත් කෘෂිකර්ම පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.