saravita-anim2

2025 ජුලි මස 19 වන සෙනසුරාදා

2025 ජුලි මස 19 වන සෙනසුරාදා

Latest News - timelapse 3611 hours ago

LATEST

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට ආසියාවෙන් නැවත පණ දෙයි

calendar_today 2023 අප්‍රේ 13 - 17:20 remove_red_eye - 283  

ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා තිබූ තහනම නිළ වශයෙන් ඉවත් කර ඇත.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තෙවැනි බිත්තර තොගයෙන්ව ත් බිත්තර තොගයක් අද (13) පස්වරුවේ බේකරි නිෂ්පාදකයින් සඳහා නිකුත් කරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසයි. බිත්තර වෙළඳපොළට නිකුත් කිරීමට වෙනුවෙන් සෞඛ්‍ය අංශවෙතින් අවසර ලැබීමත් සමගින් මෙසේ එම බිත්තර තොගය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.

Read More

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමඟ පසුගිය මාස 1,1/2 තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

උත්සව සමයේ බෙදාහරින ඉන්ධන ප්‍රමාණය දිනකට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 5500 දක්වාත් ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4650 දක්වාත් වැඩි කිරීමට කටයුතු කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩකයින්ගේ අනාගතය සහ අභිවෘද්ධිය ගැන සිතා බලා මෙම ක්‍රීඩාව නැවත වරක් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මාස හයක (06) කාලයක් සදහා ස්ථාවරකරණ කමිටුව පත් කර ඇත.

Read More

මඩකලපුව රෝහලේ වෛද්‍යවරියගේ ඉංජිනේරු සැමියාගේ මරණය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් සිදු වී ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ බව කහතුඩුව පොලිසිය සඳහන් කරයි

Read More

පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දු නිසා සතියකට දෙසරයක් පොලොන්නරු ආපු තමන්ට දැන් සතියට තුන් වරක් උසාවි යන්න සිදු වී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පොළොන්නරුවේදී පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය අප්‍රේල් 25 වැනිදා සිට විවාදයට ගන්නා බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Read More

විදුලි ගාස්තු වැඩිකිරීම බොහෝ පූජනීය ස්ථනයන්ට දැරිය නොහැකිවීම හේතුවෙන් ඇතිව තිබෙන බලවත් පීඩනයට සහනයක් ලබාදීම සඳහා ජනපති, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඇතුළුව රජයේ විශේෂ අවධානය යොමුකරන ලෙස ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ තාක්ෂණික උපදේශන කමිටුවේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය.

Read More

පේරාදෙණිය ප්‍රදේශයේදී ත්‍රීරෝද අනතුරක් සිදු කොට පලාවිත් කටුගස්තොට ප්‍රදේශයේදී එම ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමා පලාගිය ගිය බව කියන පුද්ගලයෙකු සොයා පේරාදෙණිය සහ කටුගස්තොට පොලීසි ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

Read More

පාරිභෝගික සේවා අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයට මහජනතාවගෙන් ලද පැමිණිල්ලකට අනුව රජය විසින් නියම කර ඇති මිළට වැඩියෙන් බිත්තර විකිණූ බව කියන වයඹ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම්වරයාට අයත් බිත්තර අලෙවි සැලක් අද (11) වටලනු ලැබීය.

Read More

වෙසක් උත්සවය වැටිලා ගියොත් වෙසක් පෝයත් අමාවකක් වෙනු ඇති බවත් වෙසක් පෝය ළංවෙත්ම ගිහි පැවැදි නායකයන් ප්‍රතිපත්ති වලට මුල්තැන දෙන ලෙස නිවේදනය කිරීම වැරැද්දක් බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.

Read More

යාපනයේ අක්කර 350ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය කිලෝ ග්‍රෑම් 25,000ක් බැගින් මෙම මස 28 දින සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයෙකු 04/10 දින සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇගලුම් තොගයක් යුරෝපය වෙත රැගෙන යාම සඳහා කොළඹ වරායට පැමිණ නැංගුරම් ලා තිබූ ඇමෙරිකානු නෞකාවකට හොරෙන් ඇතුළු වී , පැන යමින් සිටියදී (Stowaway ) ඊජිප්තුවේ සූවස් ඇළ ආරක්ෂක කපොල්ලෙහි දී , එම නෞකාවේ කපිතාන්වරයාට හසු වු ශ්‍රී ලාංකික තරුණයන් සිව් දෙනෙකු , එම නෞකා සමාගමට අයත් වෙනත් නැවකින් ගාල්ල වරාය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව 04/10 දින සවස අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකයෝ අප්‍රේල් 09 වැනිදා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

දැනට රට තුළ ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින හෙයින් පලිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

Read More

තමන් සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය සතියේ පැවති බවට වෙබ් අඩවික පළවූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තමන් පසුගිය සතියේ දිවයිනෙන් බැහැරව සිටි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

රටේ ආර්ථිකය ගොඩනැංවීමට නුවරඑළිය උපරිමයෙන් දායක කර ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් නගරය තුළ විධිමත් ජල කළමනාකරණ වැඩසටහනකට හා පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුම් ලබාදීමට ජනපතිගෙන් උපදෙස්. උස ගොඩනැගිලි වෙනුවට සෞම්‍ය පරිසරයක් සමගින් නුවරඑළිය නගරය සංවර්ධනය කළයුතුයි. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රටට අවශ්‍ය නව වැඩපිළිවෙළ වෙනුවෙන් සියලු දෙනා පෙළගැසෙන්න -ජනපති කියයි.

Read More

ස්ථීර නිවසක් නොමැති අඩුආදායම් ලාභීන් වෙනුවෙන් “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට 50 ෴ක පමණ වැඩ අවසන්ව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.‍

Read More

මාර්ගය හරහා පාර මාරුවීමට ගිය පාසල් දැරියක් රිය අනතුරකට ලක්වීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) මිය ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කරයි.

Read More

ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබේ.

Read More

2023 මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය කල්දමා තිබේ.

Read More

අර්බුදයෙන් රට මුදවාගත් නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තම පුර්ණ සහය ජනාධිපතිවරයාට ලබා දෙන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

Read More

එළඹෙන උත්සව සමය හේතුවෙන් තක්කාලි සහ බටු කිලෝවක මිල ඊයේ (09) දින සිට ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙදුන් පවසයි.

Read More

ඇල්ල ප්‍රදේශයේ තිබෙන පුංචි සිරිපාදය නැරඹීමට බිරිද හා දරුවා සමග ගිය රැසියානු ජාකිකයෙකු එය නරඹා නවාතැනට පැමිණෙමින් සිටියදි ත්‍රිවිලරය තුළ මියගොස් සිටියදි 09 දින රෝහල් ගතකළ බව පොලිසිය කියයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, හා වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉන්දීය රජය විසින් ණය ආධාර යෝජනා ක්‍රමය මගින් ලබාදුන් නව බස් රථ නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට බෙදාදීම නුවරඑළිය ග්‍රෙගෙරි වැව උද්‍යානයේදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) සිදු කෙරිණි.

Read More

පුත්තලම කලපුවට පැමිණි දැවැන්ත හම්බැක් වර්ගයෙ ඩෝල්ෆීන් මත්ස්‍යයකු අද (9දා) දහවල් වනජීවි නිළධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ආරක්ෂීතව දියඹට මුදා හැරිමට කටයුතු කෙරුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.