saravita-anim2

2025 ජුලි මස 08 වන අඟහරුවාදා

2025 ජුලි මස 08 වන අඟහරුවාදා

Latest News - timelapse 3362 hours ago

LATEST

කාසියේ වාසිය චෙන්නායිට- අදත් වර්ෂාවක පුරෝකථන

calendar_today 2023 මැයි 29 - 19:03 remove_red_eye - 176  

චෙන්නායි සුපර් කිංග්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර පැවැත්වෙන අයි.පී.එල්. අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය. මෙය චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි සහභාගි වන 250 වැනි අයි.පී.එල්. තරගාය වන අතර එම කඩඉමට ලගා වූ පළමු ක්‍රීඩකයාද වන්නේ ඔහුයි.

මීට වසර 21කට පමණ පෙර තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා නැවතත් තායිලන්තය වෙත රැගෙන යාම වෙනුවෙන් වූ සියලු කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බව තායිලන්ත මාධ්‍ය වාර්තාා කරයි.

Read More

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මගින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන බවත් ඒ නිසා එය වැලැක්වීම සඳහා වහා පියවර ගත යුතු බවත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අවධාරණය කළාය. ඒ මහත්මිය මේ බව සඳහන් කළේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Read More

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද කැතීටරකරණ ඒකක දෙකෙන් එක් ඒකකයක් මැයි මස 06 වැනි දින සිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබෙන බවත් අනෙක් යන්ත්‍රයද නඩත්තු මට්ටමේ පවතින බැවින් එම යන්ත්‍රය ද ඉදිරි කාලයේ බිඳවැටීමේ සම්භාවිතාවක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි .

Read More

සම්බුද්ධසාසනය ගොඩනැගිම සමරෙක් කට වචනයට පමණක් සීමා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.මහියංගනය පුද බිම පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

එනිසා විවෘත වැඩබිම්වල සේවය කරන පිරිස ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමටත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට කටයුතු කිරීමටත්, උධික උෂ්ණත්වයක් වාර්තා වන කලාපයේ ජීවත් වන වැඩිහිටි හෝ රෝගී පුද්ගලයින් මේ පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීමත්, දරුවන් වාහන තුළ ගමන් කරන විට හෝ යම් හේතුවක් නිසා වාහනය තුළ දරුවන් තනිකර දමා බැහැර යන්නේනම් එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමටත්, අධික වෙහෙස කාරී කටයුතුවල නිරතවීමෙන් හැකිතාක් මිදීමටත්, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහ

Read More

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් වෙත පිළිගැන්වීය.

Read More

අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පැය දොළහක් තුළ ස්ථාන දෙකකදී සිදුවූ වෙඩි තැබීම් දෙකේ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් පමණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවට ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

Read More

පොසොන් ආලෝක පූජාව, මිහිඳු පෙරහැර, සති පිරිත් දේශනාව ඇතුළු ආගමික වැඩ සටහන් සඳහා ඇස්තමේන්තු ගත මුදල ලක්ෂ 225ක් වන බවත්, ඉතුරු මුදල් ලක්ෂ 150කට වැඩි මුදල කෙසේ හො සොයා ගෙන හැකි උපරිම අයුරින් මිහින්තලාව ආලෝකමත් කිරීමට සූදානම් බව උන්වහන්සේ පැවසූහ.

Read More

රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වවුචර්පත්වලින් මිල දී ගත යුතු යැයි කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නෑතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා අවධාරණය කර සිටී.

Read More

ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය.

Read More

උතුරු, උතුරු - මැද, වයඹ හා නැගෙනහිර පළාත්වල හා මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

“මේ මැතිවරණ සිතියමේ රනිල් අපි හිර කරනවා.හිර කරලා ජනතාවට ඡන්ද ලබා ගැනීම සඳහා තියෙන අයිතිය තහවුරු කරන බලවේගය බවට පත් වෙන්නේ ජාතික ජන බලවේගය” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත් වේ.

Read More

2023 වසරේ මේ වන විට (මැයි 28දා තෙක්) ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 38000 ක් ඉක්මවා වාර්තාවී ඇති බවත් ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 24 දෙනෙක් මියගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවාය.

Read More

මිය ගිය දරුවාව හොර රහසේ රෝහලෙන් රැගෙන ගියා පියා මිය ගිය දරුවාට සිදු කලේ කුමක්ද යන්න පිළිබඳව කඩිනම් විමර්ශනයක් නුවරඑළිය පොලිසිය සිදු කරන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි.

Read More

අයි.පී.එල්. අවසන්මහා තරගය වර්ෂාව හේතුවෙන් අද (28) දිනයට අතහැර දැමීමට තරග තීරක හා විනිසුරුවන් තීරණය කළහ

Read More

ඒ අනුව ඉන්දියානු නාවික හමුදාව නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම වෙනුවෙන් වියදම් වූ මුදල් ඉන්දියානු රුපියල් මිලියන 400ක් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීම සඳහා ඉන්දීය නාවික හමුදාව විසින් දරන ලද වියදම වූ ඉන්දියානු රුපියල් මිලියන 490ක් ඔවුන්ට ගෙවීමට සලස්වන ලෙස ඔවුන් අපට දන්වා තිබෙනවා. ඒ පිලිබඳව නීතිපතිතුමා වෙත උපදෙස් ලබාදී තිබෙනවා ඒ නැව් දෙක සම්බන්ධයෙන් වන නඩු මඟින් එම මුදල අයකරගෙන එය ඉන්දියාවට ගෙවීමට කටයුතු කරන්න කියල.

Read More

රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු විදේශීය රටකින් මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී ගිනි අවි පෙන්වා එම ව්‍යාපාරිකයා සමග පැහැර ගෙන ගොස් තිබියදී කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම භාණ්ඩ තොගය සහ ඒවා පැහැර ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනකු අද (28දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඌව පලාතේ බදුල්ල නගරයේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය 2023 මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ අනුව ප්‍රථම වරට වෛද්‍ය සිසුන් 50 දෙනෙකු ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

Read More

චෙන්නායි සුපර් කිංග්ස් හා ගුජරාට් ටයිටන්ස්

Read More

2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳභාණ්ඩ අපනය සැලකිය යුතු ප්‍රතිශතකයකින් පහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තම ඉන්ධන හල් මෙහෙයුම් සඳහා හෝ ඒ හා සම්බන්ධිත ව්‍යාපාර සඳහා තෙවන පාර්ශ්වයක් හෝ විදේශීය ඒජන්සියක් යොදා ගෙන නොමැති බව සිනෝපෙක් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයත් එකතු කරගෙන ගමනක් යාමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමගි ජන බලවේගය තුළ සිටින බවත් එසේ නමුත් මන්ත්‍රීවරුන් බිලිබාගෙන එම ගමන යාමට උත්සාහ උත්සාහ කළහොත් එය අසාර්ථක වන බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

සමාජය සාරධර්ම අතින් බිද වැටී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අවාසනාවකට එයට සාර්ථක විසදුමක් ලබාදීමට නොහැකිවූ බවත් බව පාර්ලිමේන්තු මන්තී නාමල් රාජපක්ෂ මහතා අද (28දා) කොස්ගොඩදී කීවේය.

Read More

සියලු වාර්තා ලැබීමෙන් පසු ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාව අධිකරණයට ලබාදෙන තුරු දිනේෂ් ෂා‍ෆ්ටර්ගේ මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ විශේෂ අධි ශීතකරණයක බහා තබන බව ද වෛද්‍යවරු කියති.

Read More

උතුරේ තිබෙන පුරා විද්‍යා ස්ථාන පිළිබඳව එම ප්‍රදේශයන් හී මන්ත්‍රීතුමන්ලා පාර්ලිමේන්තුව තුළ වරින් වර ප්‍රශ්න මතුකෙරෙන බැවින් පවතින ගැටළු සාකච්ඡා කිරීම සඳහා, එම මන්ත්‍රීවරුන් සඳහා විෂය භාර අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශය ආරාධනා කර තිබුණා. ඒ අනුව මෙම සාකච්ඡාව සෙත්සිරිපාය සංස්කෘතික අමාත්‍යංශයේ දී පසුගියදා පැවැත්වුණා.

Read More

අගහරුවාදා මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට තීරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ගෝනගංආර පොලිස් වසමට අයත් රත්තරංකනත්ත ප්‍රදේශයේ වෙල්යායකදී ඊයේ (27) වෙනිදා සවස අකුණුසැර වැදීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.

Read More

හෙම්මාතගම පානීය ජල යෝජනා ක්‍රමයට අයත් අරණායක අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නල ගිනි ගැනිම හේතුව සම්බන්ධයෙන් පාසැල් ළමුන් 6 දෙනෙකු අද දිනයේදි අත් අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.