ආසියානු කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී ලාංකිකයෝ වැඩ පෙන්වති
03 වන දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී ශ්රී ලංකා 15 න් පහළ සහ 17 න් පහළ කණ්ඩායම් පදක්කම් 23 ක් දිනා ගෙන 03/09 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මෙම තරගාවලිය ඉකුත් 03/03 දින සිට 03/07 දින දක්වා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පවත්වා තිබුණි .
එහිදී වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ ශ්රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම් එහි ශූරතාවය දිනා ගනිමින් රන් පදක්කම් 08 ක් දිනා ගෙන තිබුණි .
මීට අමතරව මෙම ශ්රී ලංකා කණ්ඩායම් කේවළ , යුගළ සහ මිශ්ර යන ඉසව් වලදී රන් පදක්කම් 09 ක් සහ රිදී පදක්කම් 06 ක් දිනා ගැනීමට ද සමත් වී තිබුණි .
මෙසේ පදක්කම් දිනා ගත් ශ්රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම 03/09 දින අලුයම 05.00 ට ඩුබායි සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්රී ලංකා බැඩ්මින්ටන් ෆෙඩරේෂනයේ නිලධාරීන් සහ ඔවුන් ඉගෙනුම ලබන පාසැල් වල ගුරු - විදුහල්පතිවරුන් , සිසුන් මෙන්ම , ඔවුන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද පැමිණ සිටියහ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

