ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය.
උතුරු, උතුරු - මැද, වයඹ හා නැගෙනහිර පළාත්වල හා මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More“මේ මැතිවරණ සිතියමේ රනිල් අපි හිර කරනවා.හිර කරලා ජනතාවට ඡන්ද ලබා ගැනීම සඳහා තියෙන අයිතිය තහවුරු කරන බලවේගය බවට පත් වෙන්නේ ජාතික ජන බලවේගය” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත් වේ.
Read More2023 වසරේ මේ වන විට (මැයි 28දා තෙක්) ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 38000 ක් ඉක්මවා වාර්තාවී ඇති බවත් ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 24 දෙනෙක් මියගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවාය.
Read Moreමිය ගිය දරුවාව හොර රහසේ රෝහලෙන් රැගෙන ගියා පියා මිය ගිය දරුවාට සිදු කලේ කුමක්ද යන්න පිළිබඳව කඩිනම් විමර්ශනයක් නුවරඑළිය පොලිසිය සිදු කරන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි.
Read Moreඅයි.පී.එල්. අවසන්මහා තරගය වර්ෂාව හේතුවෙන් අද (28) දිනයට අතහැර දැමීමට තරග තීරක හා විනිසුරුවන් තීරණය කළහ
Read Moreඒ අනුව ඉන්දියානු නාවික හමුදාව නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම වෙනුවෙන් වියදම් වූ මුදල් ඉන්දියානු රුපියල් මිලියන 400ක් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීම සඳහා ඉන්දීය නාවික හමුදාව විසින් දරන ලද වියදම වූ ඉන්දියානු රුපියල් මිලියන 490ක් ඔවුන්ට ගෙවීමට සලස්වන ලෙස ඔවුන් අපට දන්වා තිබෙනවා. ඒ පිලිබඳව නීතිපතිතුමා වෙත උපදෙස් ලබාදී තිබෙනවා ඒ නැව් දෙක සම්බන්ධයෙන් වන නඩු මඟින් එම මුදල අයකරගෙන එය ඉන්දියාවට ගෙවීමට කටයුතු කරන්න කියල.
Read Moreරුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු විදේශීය රටකින් මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී ගිනි අවි පෙන්වා එම ව්‍යාපාරිකයා සමග පැහැර ගෙන ගොස් තිබියදී කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම භාණ්ඩ තොගය සහ ඒවා පැහැර ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනකු අද (28දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඌව පලාතේ බදුල්ල නගරයේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය 2023 මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ අනුව ප්‍රථම වරට වෛද්‍ය සිසුන් 50 දෙනෙකු ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගැනීමට සැලසුම් කර ඇත.
Read Moreචෙන්නායි සුපර් කිංග්ස් හා ගුජරාට් ටයිටන්ස්
Read More2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳභාණ්ඩ අපනය සැලකිය යුතු ප්‍රතිශතකයකින් පහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ තම ඉන්ධන හල් මෙහෙයුම් සඳහා හෝ ඒ හා සම්බන්ධිත ව්‍යාපාර සඳහා තෙවන පාර්ශ්වයක් හෝ විදේශීය ඒජන්සියක් යොදා ගෙන නොමැති බව සිනෝපෙක් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයත් එකතු කරගෙන ගමනක් යාමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමගි ජන බලවේගය තුළ සිටින බවත් එසේ නමුත් මන්ත්‍රීවරුන් බිලිබාගෙන එම ගමන යාමට උත්සාහ උත්සාහ කළහොත් එය අසාර්ථක වන බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.
Read Moreසමාජය සාරධර්ම අතින් බිද වැටී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අවාසනාවකට එයට සාර්ථක විසදුමක් ලබාදීමට නොහැකිවූ බවත් බව පාර්ලිමේන්තු මන්තී නාමල් රාජපක්ෂ මහතා අද (28දා) කොස්ගොඩදී කීවේය.
Read Moreසියලු වාර්තා ලැබීමෙන් පසු ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාව අධිකරණයට ලබාදෙන තුරු දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ විශේෂ අධි ශීතකරණයක බහා තබන බව ද වෛද්‍යවරු කියති.
Read Moreඋතුරේ තිබෙන පුරා විද්‍යා ස්ථාන පිළිබඳව එම ප්‍රදේශයන් හී මන්ත්‍රීතුමන්ලා පාර්ලිමේන්තුව තුළ වරින් වර ප්‍රශ්න මතුකෙරෙන බැවින් පවතින ගැටළු සාකච්ඡා කිරීම සඳහා, එම මන්ත්‍රීවරුන් සඳහා විෂය භාර අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශය ආරාධනා කර තිබුණා. ඒ අනුව මෙම සාකච්ඡාව සෙත්සිරිපාය සංස්කෘතික අමාත්‍යංශයේ දී පසුගියදා පැවැත්වුණා.
Read Moreඅගහරුවාදා මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට තීරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreගෝනගංආර පොලිස් වසමට අයත් රත්තරංකනත්ත ප්‍රදේශයේ වෙල්යායකදී ඊයේ (27) වෙනිදා සවස අකුණුසැර වැදීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.
Read Moreහෙම්මාතගම පානීය ජල යෝජනා ක්‍රමයට අයත් අරණායක අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නල ගිනි ගැනිම හේතුව සම්බන්ධයෙන් පාසැල් ළමුන් 6 දෙනෙකු අද දිනයේදි අත් අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
Read Moreජුනි 08 වෙනිදා ජාතික ජන බලවේගය නැවත සටන් බිමට එනවා. මාස 03 ක් කල්ගත වෙලා තිබෙන ඡන්දය ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියට යන්න තීරණය කරල තිබෙනවා. ඊට පස්සේ අපි හම්බන්තොට, අනුරාධපුරයේ ගම්පහ ආදි නගරවල උද්ඝෝෂණ කරනවා. ඊට පස්සේ කොළඹ වටකරල දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් උපරිමයෙන් සටන් කරනවා.
Read Moreතඹුත්තේගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදී, දැල් නොවුණු මල් වෙඩිල්ලක් පරික්ෂා කිරීමට ගිය තරුණයෙකු එම මල් වෙඩිල්ල එක් වරම දැල්වී යාම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreබණ්ධනාගාරයේ රදවා සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කොස්තා නැමැත්තාගේ මත් ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයා රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග මොරටුව කොරලවැල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreවැලිමඩ කැප්පෙටිපොල පොලිස් බල ප්‍රදේශයට අයත් හෙවණකුඹුර ප්‍රදේශයේ නිවෙස් වලින් අතුරුදන්ව සිටි පාසල් යන වයසේ පසුවන පිරිමි දරුවන් තිදෙනෙක් එම ගම්මානය ආසන්නයේ වු කළුකැලේ ගල් ගුහාවකින් සොයා ගැනීමට 27 දා පස්වරුවේ කැප්පෙටිපොල පොලිසියට හැකිව තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තවලින් පරීක්ෂාවකින් තොරව පැමිණීමට දී ඇති වරප්‍රසාද ඉවත් කළ යුතුයැයි තමන් විශ්වාස කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ පැමිණෙමින් සිටි ගුවන් මගියෙකු හදිසියේම රෝගාතුර වීමෙන් ගුවන් යානය තුළ ඊයේ (27දා) රාත්‍රී මිය ගොස් සිටි බව ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා පැවසීය.
Read More57 හැවිරිදි මිත්තණියගේ ගෙළ කපා ඝාතනය කර ඇයගේ සිරුර කැලයක් වෙත ඇදගෙන ගොස් දැමු බව කියන 24 හැවිරිදි මුනුබුරා අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය කියයි.
Read Moreමෙවර යල කන්නයේ වී අස්වැන්න ඉහළ යාමට නම් දැනට රජය විසින් පොහොර සහනාධාරය සඳහා නිකුත් කර ඇති වවුචර්පත්වලින් අඩු තරමින් සියයට 50ක්වත් බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා යොදවන ලෙස කෘෂි විශේෂඥයින් විසින් අවධාරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.
Read Moreබෞද්ධ ආගමට අපහාස වන පරිදි ’’ මෝඩාභිමානය ’’ නැමැති වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළ ජයනි නටාෂා එදිරිසූරිය නැමැත්තිය අද (28දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව යාමට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපළ දී කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උසස් නිලධාරීවරයෙකු සනාථ කළේය .
Read More