පාසල් නිල ඇඳුම්වලින් සියයට 80ක් චීන ප්‍රධානයක් සියයට 20ක් චීනයෙන් මිලදී ගනියි
මෙම වර්ෂයේ නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩ සටහන යටතේ එම නිල ඇඳුම්වලින් සියයට 80 ක් චීන මහජන සමූහාන්ඩුවේ ප්‍රදානයක් ලෙස ලැබෙන බවත් ඉතිරි සියයට 20 එම ප්රදානය සැපයෙන චීන සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් මෙන්ම රජය අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා , සීලමාතාවන් , සහ ගිහි සිසුන් මෙම නොමිලේ නිල ඇඳුම් හිමිකම ලබයි.
මේ යටතේ ශිෂ්‍ය වර්ග හා ඉගෙනුම ලබන ශ්‍රේණි අනුව රෙදි කට්ටල වර්ග 35 ක් නොමිලේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙම නිල ඇඳුම් කඩිනමින් සියලු සිසුන් වෙත ලබාදීම කොට්ටාස, කලාප , හා පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් සතු වගකීමක් බවත් එසේ නොකරන නිලධාරීන්ට එරෙහිව ව්නය පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය එම පාර්ශවයන් වෙත ලිඛිතව දන්වා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

