අමුතු පාඩමක් ඉගැන්නූ ගුරුවරයා
- 11 03 2024
- 10:26
- {{hitsCtrl.values.hits}} views
- ..
බියගම පුදේශයේ උසස් පාසලක සිසුවියක් රවටා ලිංගික අතවරයක් සිදු කළ බව කියන එම පාසලේම ගුරුවරයකු බියගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මේ අතවරයට ලක්වු සිසුවිය 13 වන වසර පන්තියේ අධ්‍යාපනය ලබන 18 වන වියේ පසුවන බියගම ප්‍රදේශයේම ළමා සංවර්ධන මධ්‍යස්ථානයක නේවාසිකව සිටින දැරියක් වන අතර එම ගුරුවරයා 46 වන වියේ පසුවන විවාහකයෙකි.
ඉකුත් බුහස්පතින්දා ( 07 වැනිදා ) පාසල් කාලයේදී මේ සැකකාර ගුරුවරයා විසින් ක්‍රීඩා තරගවල සිටින සිසුන්ගේ නම් ලියා ගැනීමට බවට පවසමින් එම සිසුවිය පාසලේ තාක්ෂණ කාමරය තුලට ගෙන්වා මෙම සිදුවීම සිදු කර ඇත.
අත් අඩංගුවට ගන්නා ලද සැකකාර ගුරුවරයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.
මේ සිද්ධිය සම්බන්ධව බියගම පොලිස් ස්ථානාධිපති පුධාන පොලිස් පරික්ෂක අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව විවිධ පැමිණිළි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එරන්ද සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂීකා ප්රබෝදනි යන නිලධාරීහු තවදුරටත් පරික්ෂණ පවත්වා ගෙන යති.
ඩබ්ලිව් ඩී එම් විතානගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

