saravita-anim2

2025 ජුලි මස 08 වන අඟහරුවාදා

2025 ජුලි මස 08 වන අඟහරුවාදා

Latest News - timelapse 3351 hours ago

LATEST

පොසොන් උත්සවයට මුදල් නොදුන් කථාව අසත්‍යලු

calendar_today 2023 ජුනි 01 - 09:10 remove_red_eye - 397  

2023 වසරේ රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා පුද බිම මූලික කර ගනිමින් පැවැත්වෙන පොසොන් වැඩසටහන් සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බව පවසමින් විවිධ පාර්ශ්වයන් චෝදනා එල්ල කරමින් පවතී.

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (1දා) අලුයම ගල්පර්වත සමඟ පස්කන්දක් ගස්කොළන් කඩා වැටීමෙන් බදුල්ල - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකිකයින් දොලොස් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.

Read More

පොසෙන් උත්සව වෙනුවෙන් අනුරාධපුරයට හා හෝමාගම නගරයට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවත්, මෙම සේවා හෙට (02දා) දින සිට (05දා) වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගම නෝර්ත් සී සමාගම සීමා සහිත ශ්‍රී ලංක ත්‍රීපෝෂ සමාගම ගල් ඔය වැවිලි පුද්ගලික සමාගම ජාතික ලුණු සමාගම ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පරන්තන් කෙමිකල්ස් සමාගම සීමාසහිත බී.සී.සී. සමාගම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය සීමාසහිත ලංකා ජනරල් ට්‍රේඩින් සමාගම

Read More

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 රුපියල් 15කින් අඩු කර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 318ක් වන අතර ලංකා පෙට්‍රල් 95 රුපියල් 20කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල 385කි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලෙහි සාධනීයත්වය IMF නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂක කෙන්ජි ඔකමුරා මහතා ඇගයීමට ලක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

Read More

වසර 22කට පෙර සිය 13 හැවිරිදි දියණියව අපයෝජනය කර ගැබිණියක කල පියෙකුට වසර 45 බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 30,000/=ක දඩයක් හා අගතියටපත් දරුයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය ඊයේ (30) සවස නියම කෙරුණි.

Read More

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් සහ එරට ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව 35 වැනි වරටත් සංවිධානය කළ වෙසක් උත්සවය මැයි මස 25 සහ 26 දෙදින තුල කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු වෙහෙය වූ පුද්ගලයා (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි.

Read More

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ඔස්ට්‍රේලියාවේ ටිම් ඩේවිඩ් හා දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකු වන ට්‍රිස්ටන් ස්ටබ්ස් හා ඩිවල් බ්‍රේව්ස් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දකුණු ඉන්දියාවේ ලෝක ප්‍රකට නළුවෙකු වන ‘සුපර් ස්ටාර්’ රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාව ආරාධනා කර තිබේ.

Read More

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

කටුනායක හා තුර්කියේ ඉස්තාන්බුල් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර තිබේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති හා වරාය, සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර ඊයේ (30දා) පවත්වා තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (1) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

Read More

නීතිවිරෝධි කටයුකු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වන්නෙ නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඇමෙරිකානු ඩොලර් මිලියන 5.2ක කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ කොරියානු සමාගම්වල ඉදිකිරිම මත සිදු කරන ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සහ එහි කටයුතු ආරම්භ කිරීම අද උදෑසන සිදු කරනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී ආකාරයකට සිදුවන්නක් බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පැවසීය.

Read More

අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිටුපස අබිලි ද්‍රව්‍ය ගොඩගසා ඇති කුටියේ තිබු ටී 56 පතරොම් ගැබ් 3 ක් ඇතුළු විවිධ වර්ගයේ උණ්ඩ තොගයක් යකඩ බඩු වෙළෙඳ සැළකට අලෙවි කළ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන කම්කරු සේවකයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

බැංකු පනත උල්ලංගණය කරමින් ශ්‍රී ලංකාව තුළ පිරමීඩාකාර ව්‍යාපාරවල යෙදෙන නීති විරෝධී ආයතන කිහිපයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජනතාවට අණාවරණය කර තිබේ.

Read More

වයඹ පළාතේ ගවයින් අතර පැතිර යන සමේ රෝගය මේ වන විට මධ්‍යම පළාතේ ද පශු වෛද්‍ය නිලධාරිකොට්ඨාස කිහිපයකින්ම වාර්තා වී ඇති බැවින් රෝගය පාලනය කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග ගෙන ඇති බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජුනි මස 15 වෙනි දින සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රු.9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්‍රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා අවධාරණය කළේය.

Read More

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් අද (31දා) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියද, උන්වහන්සේ අදාළ ගුවන් යානය වෙත රැගෙන නොයාම නිසා පැය 12 කට අධික ප්‍රමාද වීමකින් පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්කර හැර තිබේ.

Read More

එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැළසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කළේය.

Read More

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

Read More

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් විසින් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී එහි ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මාර්ගයෙන් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ බව කියන එම පාසලේම ගුරුවරයෙක අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඩීසල් මිල අඩුවීම පදනම් කරගෙන ඉදිරියේදී බස් ගාස්තු අඩුවීමකට යා නොහැකි බවත්, මේ නිසා අමතර කොටස් මිල ටයර් මිල පහළ දැමීමට වැඩපිළිවෙළ අවශ්‍ය බවත් සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඉදිරි මාස 03 තුළදී පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.