saravita-anim2

2025 ජුලි මස 02 වන බදාදා

2025 ජුලි මස 02 වන බදාදා

Latest News - timelapse 2959 hours ago

LATEST

දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය දිනූ පුංචි වීරයෝ එති

calendar_today 2023 අගෝ 24 - 11:09 remove_red_eye - 1066  

නේපාලයේ පැවති දෙවන දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි වයස අවුරුදු 15 න් පහළ සහ වයස අවුරුදු 17 පහළ කණ්ඩායම් ශූරතා දිනා ගනිමින් ඒවාට හිමි රන් පදක්කම් මෙන්ම කේවළ තරග ඉසව් වලදී රන් පදක්කම් 07 , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 03 දිනා ගෙන 08/24 දින අලුයම කටුනායක ගුවන් ත

ලෙබනනයේ පැවැත්වෙන 33 වන ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා 08/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

Read More

ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 08/24 දින අලුයම එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා පිටත්ව ගියහ.

Read More

අගුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොලහක දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටී හිටපු යුධහමුදා සෙබළෙකු වන සැකකරු ඊයේ පස්වරුවේ බන්ධනාගාරය තුලදී ගෙලවැලලාගෙන මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස 10 වැනිදාට පෙර අනිවාර්යෙන්ම නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පැවසීය.

Read More

රුපියල් ලක්ෂ පනස් හතරක් පමණ වටිනා මැණික් ගල්තුනක් අලෙවි කිරීමට ගිය පුද්ගලයකු මාදුරුඔය හේනානිගල ප්‍රදේශයේදි නවතා රාජකාරි ගිනිඅවියෙන් අහසට වෙඩිතබා එම මැණික් ගල්තුන පැහැර ගැනීමට සම්බන්ධ සැකපිට, හේනානිගල වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයා, වනජීවී නියාමකවරුන් දෙදෙනකු ඇතුළු සිව්දෙනෙකු ගිනිඅවියක් සහ අත්මාංචුවක් සමග 23 වැනිදා සවස අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ අලි කලබලයට හේතුව කුඩා ළමයෙකු විසින් පිඹින ලද නළාවක් බව පළමුවෙන් කලබල කළ අලියා බලාගන්නා ඇත්ගොව්වා පවසයි .

Read More

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝගයෙන් පසු රට පුරා සිදු කරන ලද වැටලීම්වලින් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000ට ආසන්න ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (22) පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හෙළිදරව් විය.

Read More

අවුරුද්දක් පමණ වයසැති තම සිගිත්තිය සමග මවක් වැවකට පැන සිය දිව හානි කරගෙන ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

Read More

සෝවියට් දේශය, ඇමෙරිකාව හා චීනයට පසුව සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බැස්ස වූ රට බවට ඉන්දියාව අද වාර්තා අතරට එක්විය.

Read More

මෙරට ධාවනය කෙරෙන වහාන වලින් 90% ක වායු විමෝචනය ප්‍රමිතියෙන් තොර බව පාර්ලිමේන්තුවේ බල ශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

Read More

කිලිනොච්චිය, පලෙයි, පුදුක්කාඩු ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබි බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් අද (23) සොයාගත් බව පලෙයි පොලිසිය පවසයි.

Read More

පවතින නියඟය හේතුවෙන් ඊයේ (22) දිනය වනවිට වගාහානි සිදු වී ඇති වී වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 51,055.19ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අනෙකුත් බෝග වගා හානි ප්‍රමාණය අක්කර 424.70ක් වන අතර, වී සහ අනෙකුත් බෝග වගා හානි ප්‍රමාණය අක්කර 51,479.89ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

Read More

උතුරු පළාතේ සංවර්ධන කටයුතු සහ වර්තමාන ජනජීවිතයේ එදිනෙදා කටයුතු පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවත් උතුර සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි ජේ. චංග් මහත්මිය පවසීය.

Read More

කටුනායක ගුවන් තොටුපොළ තුළ පවතින අධික ගුවන් මගී තදබදය සදහා විසදුමක් ලෙස මාස 06 ක කාළයක් තුළ තාවකාලික පදනමෙන් පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පියවර ගන්නා බව වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

රුහුණු කතරගම මහා දේවාලයට අයත් මදකිපීම නිසා බැඳ සිටි බානු හස්තියාගේ බැමිලිහීමේ මංගල්‍යය ඉකුත් (22) වෙනිදා උදෑසන සිදුකෙරිණි.

Read More

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලකට කූඨ ලේඛන මගින් සිසුවියන් 29 දෙනකු ඇතුලත් කර ගැනීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ එම පාසලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වතු ඉඩම්වල පිහිටි ජල මූලාශ්‍ර රක්ෂිත ඉඩම් කැබලි 362කින් සමන්විත භූමි ප්‍රදේශය 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාට ලැබී ඇති බලතල ප්‍රකාරව 2023 ජුනි මස 09 වන දිනැති අංක 2335/21 දරන ගැසට් පත්‍රය මගින් “හාලිඇල ජල මූලාශ්‍ර රක්ෂිත පාරිසරික ආරක්ෂක ප්‍රදේශය” යන නමින් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

Read More

නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථායේදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර (ස.ජ.බ) මහතා මතුකළ ප්‍රශ්නයක් නිසාවෙන් පාර්ලිමෙන්තුවේ උණුසුම් බවක් ඇතිවිය.

Read More

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින සහයෝගීතාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමු විය. දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම පිළිබඳව ද නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

Read More

ඒ අනුව, තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන;; තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි; ප්ලාස්ටික් මල් මාලා; ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන අයිතම 2023 ඔක්තෝම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනමට ලක්වේ.

Read More

ඝානා රාජ්‍යයේ පැවති 04 වන යොවුන් සංචාරක රූ රැජින ( Miss Teen Tourism ) තරගාවලියට සහභාගී වී , එහිදී ජයග්‍රාහිකාව බවට පත් වූ නෙළුනී සෞන්දර්යා මෙනවිය අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Read More

අලවතුගොඩ, ඇල්ලෙකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි රූමත් විවාහක තරුණ කාන්තාවක මෙයට මාස පහකට පමණ පෙර එනම් පසුගිය මාර්තු මස 10 වනදා අමානුෂික ලෙස ඝාතනය කර වෙල් යායක ඔබා තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ කෝණ ඔස්සේ පරීක්ෂණ සිදු කළ අලවතුගොඩ පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් ඝාතනයට ලක් වූ තරුණ කාන්තාවගේ සැමියා ඊයේ (22) අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

කළුතර ගල්කිස්ස විශේෂිත මාතෘ හා ළමා රෝහලේ ප්‍රතිකාර සේවාවන් ලබන ඔක්තෝම්බර් මැද වන විට ආරම්භ කිරීමට අවශය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

Read More

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරය නිමා කර 08/22 දින රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

මහනුවර දළඳා පෙරහරේ දෙවැනි කුඹල් පෙරහර ඊයේ දිනයේදී වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.

Read More

රටේ මේ අවස්ථාවේ පවතින පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා, ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ එකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා ක්‍රියාත්මක කිරීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දින පැවති විශේෂ රැස්වීමකදී තීරණය විය.

Read More

කෘතහස්ථ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්තවීමෙන් පසු ඔහුගේ දෙන අසල තැන්පත් කොට තිබූ රණමයුර සම්මානය සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයා මහනුවර ඇසළ පෙරහර පැවැති පළමු දිනයේ දී පෙරහර නැරඹීමට පැමිණි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවටපත්ව තිබේ.

Read More

රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් සිදු කිරීමට යයි.

Read More

කඳුකර ප්‍රදේශවලට ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික්කයට මාස ගණනාවක සිට වැසි නොලැබීම හේතුවෙන් ඇති වී තිබෙන නියගය සහ ඉඩෝරය නිසා පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ ජල මට්ටම විශාල වශයෙන් අඩු වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.