කෙකේන් මත්ද්‍රව්‍ය කිලෝ 355ක් හෙට විනාශ කරයි
අධිකරණ කටයුතු අවසන් වූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 355යි ග්‍රෑම් 881ක් හෙට(08දා) විනාශ කර දැමීමට සැලසුම් කර තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගය 2022 මාර්තු 23දී අත්අඩංගුවට ගෙන ඇත.
හෙට උදේ 10.00 මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතාගේ හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ පිහිටි අධිබලැති මත්ද්‍රව්‍ය විනාශ කිරිමේ උදුනේදී මෙම මත් ද්‍රව්‍ය විනාශ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය හෙට උදෑසන 6.00ට කොළඹ මහාධිකරණයේදී මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් භාර ගැනීමට නියමිතව ඇත.මත්ද්‍රව්‍යවලින් තොර සුරක්ෂිත දේශයක් නිර්මාණය කිරීම සඳහා පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂකාර්ය බලකාය සහ නාවික හමුදව එක්ව වැටලීම් සිදුකරන අතර සමහර අත්අඩංගුවට ගැනීම් බුද්ධි අංශ විසින් ලබා දෙන තොරතුරු මත සිදුකරනු ලබයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

