පැමිණිල්ලක් දාන්න ඇවිත් පොලිසියේ තිබූ මුදල් පසුම්බිය සොරාගෙන ගිය අඹුසැම් අත්අඩංගුවට
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමීමට පොලිසියේ ලාච්චුවක තිබූ කාන්තා කොස්තාපල් වරියකට අයත් මුදල් පසුම්බිය සොරාගෙන ගිය අඹුසැම් යුවලක් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව කුරේ මාවතේ පදිංචි අඹුසැමි යුවලක් බව පොලිසිය කීය.
අඹුසැම් යුවල අද (06) පස්වරුවේ පැමිණිල්ලක් සටහන් කිරීම සදහා වාද්දුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ සිට ඇති අතර, ඊට යාබදව පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයේ මේස ලාච්චුවක තිබූ කාන්තා කොස්තාපල් දුලීකා යන නිලධාරිනියට අයත් මුදල් පසුම්බිය සොරාගෙන ගොස් ඇති බව පොලිසිය කීය.
සැකකරුවන් පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක, කමල් ජයනිත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චාම්න්ද්ර කුමාර මහතා ගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .
සුමිත් පොතුපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

