saravita-anim2

2025 ජුලි මස 02 වන බදාදා

2025 ජුලි මස 02 වන බදාදා

Latest News - timelapse 2952 hours ago

LATEST

ආගමික ස්ථාන ඉලක්ක කර සිදු කරන විදුලි කප්පාදුව නවත්වන්න

calendar_today 2023 අගෝ 25 - 17:49 remove_red_eye - 362  

එසේම මේ ආගමික සිද්ධස්ථාන ඉලක්ක කර ගෙන සිදු කරන විදුලි කප්පාදුව නතර කර ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

බණ්ඩාරවෙල පොලිස් වසමේ හෝටලයක කාමරයක් තුළට කාන්තාවක් ගෙන්වාගෙන එම කාන්තාව ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධන මට්ටමෙහි පසු වන්නේ පෙරපාසල් දරුවන්ගෙන් 15%ක් පමණක් බව පෙනී ගොස් ඇති බව අමාත්‍යවරයා පවසයි.

Read More

කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම කර්මාන්තකරුවන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ.

Read More

න්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව හතරදෙනෙකුගේ පවුලකට ජීවත්වීම සඳහා මාසයකට රුපියල් 76,000ක මුදලක් අවශ්‍ය බවට පෙන්වාදී තිබෙන බවත්, එහෙත් රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 28,000ක බවත් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. මේ නිසා වැටුප් වැඩි කිරීමක් සිදුකරන තෙක් මාසයකට රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ලබන සතියේදී රජයට යෝජනාවක් භාරදීමට කටයුතු කරන බවද එම එකමුතුවේ සාමාජික සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

Read More

මෙරට තුළ තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය/පවත්වාගෙන යනආයතන 09ක් සම්බන්ධයෙන් තහනමක් පැනවීමටතීරණය කළ බව මහ බැංකුව පවසයි. ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටියි.

Read More

මේක මම වගකීමෙන් කියනවා. ඒත් අපේ බුද්ධි අංශ දැනට මේ රටේ සමහර තැන් වල, සමහර කණ්ඩායම් දේශපාලනික උත්තේජනය උඩ මේ රටේ ජාතිවාදී කලබලයක්, කරදරයක්, කෝලහාලයක් ඇති කරන්න විවිධ උත්සාහයන් ගන්නා බව අපිට පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. ඒ කණ්ඩායම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සහ රජය අවධානය යොමු කර තියෙනවා.

Read More

පවතින සහල් තොග එළඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙනතුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

එසේම මෙරට විශ්ව විද්‍යාලවලින් 50%ක් පමණ හෝ පර්යේෂණ විශ්ව විද්‍යාල බවට පත්විය යුතු බවත් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. විශ්ව විද්‍යාල ආචාර්යවරු 12992 ක් සිටිය යුතු වුවද මේවන විට සේවයේ නියුක්ත වන්නේ ආචාර්යවරු 6548ක් බව ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිවරයා පැවසීය. එසේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද මෙම තත්ත්වය දැකිය හැකි බැවින් මෙය විසදාගැනීමට කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය. එසේම මෙරට ආර්ථික අර්බුදය සමග ආචාර්ය මහාචාර්යවරු රට හැර යාම ගැටලුවක

Read More

අලුතින් ඉදිකරන ලද පොල්පිටිය - හම්බන්තොට 220 kV සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්‍රිඩ් උපපොළ අද (24දා) බලගන්වා ජාතික පද්ධතියට එක් කරන ලද බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටී.

Read More

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට අධිකරණයෙන් කළ නියෝගයට අනුව රුපියල් ලක්‍ෂ 50ක දෙවැනි වාරිකය විත්තිකාර යුවළ අද (24) අධිකරණයේ තැන්පත් කළේය.

Read More

අහිංසක මිනිස්සු රටවලට සංචාරක වීසා වලින් රට රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යවන මාෆියාකරුවන් වෙනුවෙන් අපේ රටේ ආචාර්ය මහාචාර්යවරු සහ දේශපාලඥයින් පෙනී සිටිනවා නම් එය බරපතල කණගාටුවට කරුණක් බවත්, මාෆියාකරුවන් වෙනුවෙන් පෙනී සිටින අයගෙන් රටට කිසිදු වැඩක් නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

මෙරට ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම කිරිම සඳහා සියලු පහසුකම් වලින් සමන්විත වෛද්‍ය නිල නිවාස දහසක (1000 ) ව්‍යාපෘතියක් සඳහා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කොරියානු රාජ්‍යයන් ඉල්ලීමක් කළේය.ඒ අනුව මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු රාජ්‍යයේ සහයෝගය අපේක්ෂා කරන බව ඒ මහතා කීය.

Read More

සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩවසන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය 24 වැනිදා සවස දෙවැනි වරටත් විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ පැවසූහ.

Read More

බණ්ඩාරවෙල නගරයේ හෝටලයක කාන්තාවක් ඝාතනය කර ඇති බවට බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශයක් ආරම්භ කර තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 40ක් වන ඇටම්පිටිය ප්‍ර දේශයේ පදිංචිකාරියකි.

Read More

දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් අද දිනයේද වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලීම හේතුවෙන් දුම්රිය අවලංගු වීම් හා ප්‍රමාද වීම් සිදුවන බව දුම්රිය වෘත්තීය සමිත සඳහන් කරයි.

Read More

මන්නාරම මුල්ලිකණ්ඩාල් ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ පුද්ගලයන් දෙදෙනකුට වෙඩිතබා ඝතනය කර ඇති බව පොලීසිය කියයි.

Read More

අධිඅන්තරායකර පළිබෝධනාශක 40 සැලකීමේදී ඉන් 14 ක් ගෘහාශ්‍රිත වශයෙන් සිදුකරන වගා සඳහා යොදා ගන්නා බවට හෙළි වී තිබේ. පසුගිය වසර පහ තුළ මෙරටට ගෙන්වා තිබෙන පළිබෝධනාශක ප්‍රමාණය සැලකීමේදී වසරකට වල්නාශක වර්ග මෙට්‍රික් ටොන් 2181ක්, කෘමිනාශක වර්ග මෙට්‍රික් ටොන් 1183ක් සහ දිලීරනාශක මෙට්‍රික් ටොන් 896 වශයෙන් ගෙන්වා තිබේ. තම සංවිධානය විසින් මේ වසරේ පළමු මාස 03 ක කාලය තුළදී දිස්ත්‍රික් 09 ක් මුලික කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙන බවත්, මෙම වාර්තා පළිබෝධනා

Read More

කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පස් අවුරුදු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සමගාමීව සහභාගිත්ව වැඩසටහන් මාලාවක් පැවැත්වීම සඳහා පැමිණි කොරියානු විශ්ව විද්‍යාල සිසුන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා අතර හමුවක් පසුගිය (21) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණ.

Read More

පසුගිය දිනවල ජාත්‍යන්තර හා දේශීය මාධ්‍යවල බුද්ධි අංශ උපුටා දක්වමින් මෙරට විවිධ ජාතීන් හා ආගම් අතර ඝට්ටනයක් සිදුව පිපිරීම් තත්ත්වයක් ඇති විය හැකි බවට වන මාධ්‍ය වාර්තා පළවන බවත් මෙය ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණයක් බැවින් වහාම සියලුම පක්ෂ හා පාර්ශ්ව කැඳවා මෙය සත්‍යක්ද අසත්‍යක්ද යන්න පැහැදිලි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

මෙරට ප්‍රභූ ආරක්ෂක සේවය සඳහා යොදවා ඇති මුළු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 7,693ක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

මෑත කාළීන ඉතිහාසයේ විශාලතම හිග වැටුප වූ ශ්‍රී ලංකා රුපියල් විසි පන් ලක්ෂ දස දහස් හාරසීයයක් වටිනා කුවේට් ඩිනාර් 2,400 මුදලක් ලබා ගත් එරට ගෘහ සේවිකාවක ලෙස සේවය කල ජෙනිටා ඩේලිකා එරට සිට 08/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

නමුනුකුළ බූටා වත්තේ වාර්ෂික රදම් පෙරහැරේ රදම් කරත්තය අධිබලැති විදුලි රැහනක පැටලීම නිසා විදුලි සැර වැදුන පුද්ගලයන් දෙදෙ‍නෙක් ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙක් තුවාල ලබා පස්සර දිසා රෝහලට ඇතුලත් කළ බව නමුකුළ පොලිසිය පැවසීය .

Read More

දැනට සිදු කර ඇති කාලගුණික පුරෝකථන අනුව එල් නිනෝ හා ලා නිනා දේශගුණික තත්ත්වයන් තුළ මෙවර මහ කන්නයේදී මෙන්ම ඉදිරි යල කන්නයේදීද අනපේක්ෂිත ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බවට පෙනී ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

නේපාලයේ පැවති දෙවන දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි වයස අවුරුදු 15 න් පහළ සහ වයස අවුරුදු 17 පහළ කණ්ඩායම් ශූරතා දිනා ගනිමින් ඒවාට හිමි රන් පදක්කම් මෙන්ම කේවළ තරග ඉසව් වලදී රන් පදක්කම් 07 , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 03 දිනා ගෙන 08/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

ලෙබනනයේ පැවැත්වෙන 33 වන ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා 08/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

Read More

ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 08/24 දින අලුයම එංගලන්තයේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා පිටත්ව ගියහ.

Read More

අගුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොලහක දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටී හිටපු යුධහමුදා සෙබළෙකු වන සැකකරු ඊයේ පස්වරුවේ බන්ධනාගාරය තුලදී ගෙලවැලලාගෙන මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස 10 වැනිදාට පෙර අනිවාර්යෙන්ම නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.