රත්මලාන දුමිරියපල හන්දියේදී ඊයේ (21දා) රාත්‍රී 9.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5500කට ආසන්න පිරිසක් යොදවා ඇති බවත් පෙරහර පවත්වන කාලසීමාව තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.
Read More2023 වසරේ අගොස්තු මාසයේ ගෙවී ගිය සති තුන තුළ ශ්‍රි ලාංකිකයින් 79 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.
Read Moreඉන්දියාවේ සිට වෙනත් රටවලට අලෙවිකරණ ලොකු සඳහා කිලෝවකට රුපියල් 40ක බදු මුදලක් පැනවීම්ට නියමිත බවට මාධ්‍ය වා ර් තා පළවීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ අවට පෞද්ගලික තොග ගෙන්වන්නන් ලොකු ළුණු කිලෝවක තොග මිල රුපියල් 180 ත් 200 ත් අතර දක්වා 21 දින සිට ඉහළ දමා ඇතැයි ජනතාව පවසති.
Read Moreඋතුර, උතුරු - මැද, නැගෙනහිර, ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (22දා) දිනට වලංගු මෙම නිවේදනය අද පස්වරුවේ නිකුත් කර තිබේ.
Read Moreඅනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී අද ( 21 දා) දහවල් සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් 11900 ක් සිටිය යුතු වුවත් මේ වන විට සේවයේ නියුක්තව සිටින්නේ ආචාර්යවරුන් 6000 ටත් අඩු පිරිසක් බවත් ඒ හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අඩාල නොවී පවත්වාගෙන යෑම සඳහා දැනට සේවයේ නියුතු ආචාර්යවරුන්ට පමණට වඩා වෙහෙසීමට සිදුව තිබෙන බවත්ය .
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන සදහා මේ දිනවල මගීන් විශාල වශයෙන් පැමිණිමත් සමග දුම්රියේ දැඩි තදබදයක් පවතී .මේ තත්වය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි අප්රසාදයටලක්ව ඇත.
Read Moreපොලොන්නරුව මහවැලි සී හා බී කලාපවල මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීමත් සමග සම්බා හා නාඩු වී කිලෝවක මිල පෞද්ගලික වෙළඳුන් විසින් මිල පහත හෙළා තිබෙන බව මහවැලි බී හා සී කලාපවල ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කරති.
Read Moreසිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනපතිනී හලීමා යාකොබ් හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය. සිය සිංගප්පූරු සංචාරය තුළදී ජනපතිවරයා එරට අග්‍රාමාත්‍යවරයා සමගත් තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් සමගත් ද්විපාර්ශ්විය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreරිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 1000ක පරිත්‍යාගයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට සමාගාමීව මෙම ප්‍රධනය සිදුවිය.
Read Moreවව්නියාව පූන්තොට්ටමු ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලකදී ඊයේ (20) දින පුද්ගලයින් දෙදෙනකු අතර වූ ආරවුලක් හේතුවෙන් ඇති වූ පහර දී ගැනීමකදී එක් අයෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.
Read Moreමේ මොහොත වන විට අප රටේ භයංකාර ආර්ථික සමාජීය විනාශයක් සිදු වෙමින් පවතින බවත් මේ මොහොත වන විට පවුල් 60000කට ආසන්න ප්‍රමාණයකට පිරිසුදු පනීය ජලය අහිමිවී ඇති බවත් හෙක්ටයාර ලක්ෂ ගණනින් වගා බිම් නියගය නිසා විනාශවී ඇති බවත් එසේම ගොවි ජනතාව ඇතුළු සමස්ත වැඩ කරන ජනතාවගේ ජීවනේපාය අහිම වෙමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා 08/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreඑහිදී වනිඳු හසරංග ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අවසන් මහ තරගයේදී පන්දුවාර කිහිපයක් යොමුකරන ලෙස ඉල්ලා සිට ඇති අතර ඒ අනුව මැතිව්ස් අවසන් මහ තරගයේදී පන්දුවාර දෙකක් යොමු කිරිමට කටයුතු කෙරිණි. ඔහුට කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් තම පන්දුවාර දෙකේදි ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 11ක් පමණි.
Read Moreදඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු පහකින් පරාජයට පත්කරමින් ලංකා ප්‍රිමියර් ලීග කිරුණ තමන් සතු කර ගැනිමට නුවර කණ්ඩායම සමත්විය.
Read Moreමෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්රමුඛ ක්ෂේත්රය සංචාරක කර්මාන්තය බවත් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්රමුඛ අවධානයක් යොමු කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ පොන්ගල් පූජාවක් පැවත්වීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිසක් ඇතුලු වීමේන් එහි කුරුන්දි විහාරයේ දායකයින් සමග ඇති වූ උණුසුම් තත්වය පාලනය කල බවට මුලතිව් පොලීසිය පවසයි.
Read Moreනාවික හමුදාව මඟින් දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ත්‍රීකුණාමලය වරාය ඇතුලත සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය 2023 අගෝස්තු මස 19 වන දින ත්‍රීකුණාමලය වරාය පරිශ්‍රයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
Read Moreඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින හෙට (21) සහ අනිද්දා (22) දිනවලට අදාළ වන පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල
Read Moreමොරවැව ගුවන් හමුදා කදවුරේ මූලික පුහුණුව හදාරමින් සිටියදි යුධ අභ්‍යාසයක යෙදි සිටියදි අතුරුදහන් වු ගුවන් භටයා ඊයේ (20) පස්වරුවේ කැලේ අතරමංව සිටියදි සොයාගත් බව ගුවන් හමුදාව කියයි.
Read Moreස්පයිස් ජෙට් ගුවන් සේවා සමාගම යළිත් ඉන්දියාවේ මදුරෙයි සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා 08/20 පස්වරුවේ සිට ආරම්භ කළේය.
Read Moreකාන්තා පාපන්දු ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී එංගලන්තය ගෝල 1 -0 ක් ලෙස පරාජයට පත්කරමිනි.
Read Moreකන්ද උඩරට ඇසළ පෙරහැර නැරඹීම සඳහා අති විශාල විදේශිකයන් පිරිසක් මෙවර පැමිණීමට නියමිත බැවින් වාර්තාගත ඉහළ මිළ ගණන් වලට පෙරහැර නැරැඹීමේ ආසන අලෙවි වෙමින් පවතින බව ආසන අලෙවිකරුවෝ පවසති .
Read Moreවසර තුනක් ඇතුළතදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කළ නිවාස 37179 අතරින් නිවාස 29034 ක ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිම කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreරෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සුරකීමේ ජාතික ව්‍යාපාරය සමගි ජනබලවේගයේ එක්ව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංගයට ජනතාවගේ අත්සන් ගැනීම බණ්ඩාරගම දී සිදු කෙරුණා.
Read Moreනොසැලකිලිමත් ලෙස ගිනි කූරු දල්වා කුරුණෑගල ඇතාගල කන්ද මුදුනේ ගින්නක් ඇති කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණ පෙම් යුවළක් හෙට (21) දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ නලීන් ජේ.එදිරිසිංහ මහතා ඊයේ (19) නියම කළේය.
Read Moreස්කූටරය කින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රී එල්ල කරන ලද වෙඩි පහරක් දෙහිවල ඕබන් පෙදෙස ක්‍රීඩා පිටිය අසල නිවසක් ඉදිරිපිට දියණිය සමඟ රැඳී සිටි පුද්ගලයෙකුට වැදි ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරයි.
Read Moreඅපි ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය කරලා දිනාගත් රට භාරදුන්නේ පහත් දේශපාලකයන්ට. ඒ නිසා අද රටේ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. යුධහමුදාවේ මාණ්ඩලික ප්‍රධානි වරයෙක් මීට පෙර මෙහෙම කතා කරල නෑ. මම මෙතනට ආවේ යමක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මට රට ගැන ඇත්තේ රට ගැන කණගාටුවක්, මොකද දැන් මේ රට අනාගතයක් නැති රටක් වෙලා.
Read Moreසෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ අග්බෝ හස්තියා පිරිත් නූල හොඩයෙන් ගෙන, තම අසාධ්‍ය පාදයේ පටලා ගත් අවස්ථාව, විරල අවස්ථාවක් බවත් සොබාදහම යනු බුදු දහම බවත් පූජ්‍ය වන වාසී රාහුල හිමිපාණන් පැවසූහ.
Read More